saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 2751 hours ago

LATEST

2024 වසරේදී ශ්‍රී ලංකාව සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යනවා

calendar_today 2024 ජන 02 - 09:14 remove_red_eye - 988  

නිවැරදි තීන්දු තීරණ සමඟ මෙම වසර තුළ ශ්‍රී ලංකාව සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජාතික රෝහලේ දී කාන්තාවක් මියයාම පිළිබද කරුණූ සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ජාතික රෝහලේ නිරීක්ෂණයක.

Read More

අභිනව අධ්‍යාපන ලේකම් ධුරයට වසන්තා පෙරේරා මහත්මිය පත් ව සිටින අතර නව වසරේ සමාරම්භය ද සනිටුහන් කරමින් ඇය ඊයේ (01දා) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළා ය.

Read More

‍මෙම වාර්තාව බාර ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් ක‍ළේ මෙම වාර්තාව මගින් ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් මෙම වාර්තාව මෙන්ම නව ක්‍රීඩා පනත් කෙටුම්පත නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත්ය.

Read More

අප රටේ පළමු වතාවට නිදහස් ගියරයක වාහනයක් කන්දක් මතට ධාවනය වන අයුරු දර්ශනය වන දෘෂ්ටි මායාවක් සහිත ස්ථානයක් සොයා ගැනීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ මහාචා ර් ය අතුල සේනාරත්න මහතාට 01 දින හැකි විය.

Read More

ආණ්ඩුවේ වත්මන් ජන පීඩක ප්‍රතිපත්තීන්ට එරෙහි පුළුල් දේශපාලන සන්ධානයක් බිහිකිරීමේ අරමුණින් සාකච්ඡාවක් නිදහස් ජනතා සන්ධානය සහ පිවිතුරු හෙළ උරුමය අතර පසුගිය දා පැවැත්විණි.

Read More

ඉන්ධන මිල සංශෝධනය වුවද බස් ගාස්තු සංශෝදනයක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසයි.

Read More

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමට සමගාමීව ඊයේ දිනය වන විට සැකකරුවන් 20742ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. වැටලීම් 20898කින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඉතිහාසයේ ප්‍රථම වතාවට එළවළු මිල අධික ලෙස ඉහල ගොස් ඇති බවත්, එතුලින් ගොවියන්ට කිසිදු ලාභයක් නොලැබි ඇති බව නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති ,සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ හිටපු සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

Read More

දෙහිවල වෙරළ තීරයේ අනවසරයෙන් ඉදිකර ඇති දැනට ඩුබායි රටට පලාගොස් සිටින මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකුට අයත් සුපිරි හෝටල් පරිශ්‍රයක් ඉකුතා (01) වන දින වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකරන දෙපාර්තමේන්තුව පොලිස් ආරක්ෂාව මැද කඩා ඉවත් කිරීම සිදුකරනු ලැබිණි.

Read More

ක්‍රීඩා අමත්‍යවරයාට පැවරි ඇති බලතල අනුව අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයකින් ලියාපදිංචිය අත් හිටවනු ලැබූ ශ්‍රී ලංකා දුනු ශිල්ප සංගමය ,ශ්‍රි ලංකා ජාතික රෝද සපත්තු සංගමය,ශ්‍රී ලංකා කබඩි සම්මේලනය ,ශ්‍රී ලංකා බ්‍රිජ් සම්මේලනය සහ ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ නිලවරණ පැවැත්වීමේ මූලික කටයුතු සඳහාවූ විශේෂ රැස්වීම් පහක් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය, රියර් අද්මිරාල් ෂේමාල් ප්‍රනාන්දු මහතා විසින් කැඳවා තිබේ.

Read More

ජපානයට රික්ටර් මාපාංකයෙන් 7ක ප්‍රභල භූ කම්පනයක් ඇතිව තිබේ. මේ අනුව සුනාමි අනතුරු අඟවීම් නිකුත් කර ඇති අතර ජපානයේ බටහිර වෙරළට මෙම සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

Read More

සෞදි අරාබියේ ගෘහ සේවය සදහා ගොස් එහිදී හාම්පුතා අතින් සහ එරට රැකියා නියෝජිතවරයා විසින් පහර කෑමට ලක් වී රෝගාතුර වූ ශ්‍රී ලාංකික සිව් දරු මවක් ආබාධිතව කටුනායක ගුවන් තොටුපොළ වෙත 01/01 දින උදෑසන පැමිණ සිටියාය.

Read More

ලිට්‍රෝ ගෑස් මිල අද (01දා) සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට එම සමාගම කටයුතු කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 685කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4,250කි.

Read More

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සංශෝධනය කිරීමට සමගාමීව ශ්‍රී ලංකාවේ ඉන්ධන සිල්ලර ව්‍යාපාරයේ යෙදී සිටින චීනයේ සිනෝපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

Read More

ඒ් අනුව රුපියල් 5කින්, රුපියල් 15කින්, රුපියල් 20කින් සහ රුපියල් 25කින් දුම්වැටි මිල ඉහළ ගොස් ඇත.

Read More

දකුණු පළාතේ හිටපු මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා සමගි ජන බලවේගය සමග එක්වී තිබේ. ඒ මහතා අද (01) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය හා එක්ව ඇත.

Read More

2023 දෙසැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය හා කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කර ඇති ඒ අනුව උද්ධමනය තවදුරටත් ඉහළ ගොස් තිබේ.

Read More

දකුණු ඉන්දියාවේ සුපිරි නළුවෙක් වන තලපති විජේ රංගනයෙන් දාක වන නවතම සිනමා පටය වන තලපති 68 හි රූගත කිරීම් සඳහා ජනවාරි දෙවැනි සතියේදී ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ප්‍රකට කොලිවුඩ් අධ්‍යක්ෂවරයෙක් වන වෙන්කට් ප්‍රභූ මෙහි අධ්‍යක්ෂවරයා වෙයි.

Read More

රටේ ණය කන්දරාවට හිලව් වශයෙන් ජනවාරි පළමුවනදා සිට සියයට 18 ක වැට් බද්දක් ගසා රජය විසින් ජනතාව බිල්ලට දී ඇතැයි නිදහස ජනතා සභාව නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීති:ඥ වසන්ත යාපා බණ්ඩාර මහතා කිය.

Read More

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ නංවා ඇති අතර නව මිල රුපියල් 366කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 38කින් ඉහළ නංවා ඇති අතර නව මිල රුපියල් 464කි. ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 29කින් ඉහළ නංවා ඇති අතර නව මිල රුපියල් 358කි. සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 41කින් ඉහළ නංවා ඇති අතර නව මිල රුපියල් 475කි.

Read More

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කොට ඊයේ (30) පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේදී නිමාව දුටු ශ්‍රී ලංකා යොවුන් චෙස් තරගාවලියේ වයස 19න් පහළ විවෘත චෙස් ශූරතාව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එම්.තිසල් මංජිත් පියුමන්ත දිනා ගත්තේය.

Read More

පොලිස් අණ නොතකා අධික වේගයෙන් ගමන් ගන්නා මෝටර් රථයක දොරෙහි එල්ලී ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට දැඩි උත්සාහයක යෙදුණු පොලිස් නිලධාරියකු බිමට ඇද වැටි තුවාල ලද ලබා ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි.

Read More

ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය මගින් කාන්තාවක් සේ රඟපාමින් පිරිමි පුද්ගලයින්ගේ මුදල් කොල්ල කෑ දෙදෙනෙකු යාපනය නෙල්ලිඅඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවට නෙල්ලිඅඩි පොලීසිය පවසයි.

Read More

ඉන්දියාව ලොකු ලුණු අපනයනය කිරීම තහනම් කිරීමත් සමඟින් පාකිස්තානය සහ තවත් රටවල් කීපයක් මෙරටට ලොකු ලූනු තොග එවීම හේතුවෙන් රුපියල් 600 ට ඉහළ ගිය ලොකු ලුණු කිලෝව 31 දින වන විට රුපියල් 300 ත් 350 ත් අතර පහත වැටී ඇතැයි ලොකුළුණු අලෙවි කරන දඹුල්ලේ ව්‍යාපාරිකයෝ පවසති.

Read More

එළඹෙන 2024 වසර තුළ කොළඹ ආශ්‍රිතව නිවාස 10,000 ක් ඉදිකිරීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

නුවරඑළියේ කාලගුණික තත්ත්වය පිළිබඳව ඇතැම් සමාජ මාධ්‍ය ජාල විසින් අසත්‍ය ප්‍රචාර සිදු කරන බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පවසයි.

Read More

දෙසැම්බර් මාසයේදී මේ දක්වා සංචාරකයන් 200000 කට අධික පිරිසක් ලංකාවට පැමිණ ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඒ අනුව වසර හතරක කාලයකදී එක් මාසයක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයන් ප්‍රමාණය මේ මාසයේදී වාර්තා වූ බවද ඔහු පවසයි.

Read More

අම්පාර දිස්ත්‍රික්කයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව සමග ලංකාවේ විශාලතම ජලාශය වෙන සේනානායක සමුදුරේ ජල මට්ට්ම ඉහල ගොස් තිබේ.

Read More

නව වසර උදාවීමත් සමග කොළඹට විශාල ජනතාවක් ඇතුළු වෙතැයි අපේක්ෂා කිරීම හේතුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.