saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 2759 hours ago

LATEST

අද සවස 5 සිට කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

calendar_today 2023 දෙසැ 31 - 13:01 remove_red_eye - 248  

නව වසර උදාවීමත් සමග කොළඹට විශාල ජනතාවක් ඇතුළු වෙතැයි අපේක්ෂා කිරීම හේතුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

සිය සැමියාගේ අවමගුල් කටයුතු සිදුකළ දා රාත්‍රී බිරිඳ සිය දරුවන් තිදෙනෙකු සමග වස පානය කොට මියයාමේ පුවතක් මාලඹේ පොලිස් වසමෙන් වාර්තාවේ. මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම මාකුඹුර ලක්ෂරි හයිවේ රෙසිඩන්ස්හී තාවකාලිකව පදිංචිව සිටි උදාරි නිසංසලා සේනාරත්න මව, (35) ආදිත්‍ය ප්‍රතාප ගුණරත්න (09) ආර්යා ප්‍රතාප ගුණරත්න ( 07) අරද්‍යා ප්‍රභාවි ගුණරත්න (06) යන තිදෙනකු බව මාලඹේ පොලිසිය කියයි.

Read More

විදෙස් රැකියා ජාවාරම්කරුවෙකුට හසු වීමන් ඕමාන් රටේ කුණු ගොඩක කැඩුණු රොරියක් මත මාස හයක කාලයක් දිවි ගෙවන ශ්‍රී ලාංකික තරුණයකු පිළිබඳ තොරතුරක් වාර්තා විය.

Read More

වැට් බද්ද ඉහළ යාම හේතුවෙන් යළිත් මධ්‍යසාර මිල ඉහළ දැමීමට සිදු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Read More

මහවැලි ගඟ පිටාර ගැලිමෙන් සෝමාවතී චෛත්‍යය මළුව ජලයෙන් යටව්ඇති අතර සොමාවතිය චෛත්‍යය මාර්ගය අඩි 4-5 ක් පමණ ජලයෙන් යටව් තිබේ. සෝමාවතිය චෛත්‍යය මළුව ජලයෙන් යටව්ම නිසා සංඝයා වහන්සේලා දෙවනි මහල සංඝාවාසය වැඩසිට සිරිත් පරදි චෛත්‍යයට පුජා පවත්වන බවද එහි වැඩ සිටින සංඝයා වහන්සේලා පවසති.

Read More

කැකිරාව පොලිස් වසමේ මීගස්වැව ප්‍රදේශයේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් උල් පිහි අක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය පවසයි.

Read More

ජනවාරි මස පළමු වැනිදා සිට වාහන ලියාපදිංචි කිරීමේ දී, ආදායම් බලපත්‍ර ගැනීමේ දී සහ දේපොළ මිල දී ගැනීමේ දී බදු ගොනුවක් විවෘත කිරීමට ගෙන තිබූ තීරණය මසකින් පමණ කල් දැමීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.

Read More

වැලිගම හෝටලයක් අසළ අද අලුයම පොලිසිය හා අපරාධකරුවන් පිරිසක් අතර සිදුවූ වෙඩි හුවමාරුවකින් පොලිස් සාජන්වරයෙක් ජීවිතක්ෂයට පත්ව තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයෙක් කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයි.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විවිධ බන්ධනාගාරවල රඳවා සිටි ශ්‍රී ලාංකිකයන් 44 දෙනෙකුට සමාව ලබාදීමට රාජකීය නියෝගයක් හරහා කටයුතු කර තිබේ.

Read More

තලවකැළේ වටගොඩ අතරදී ඊයේ උදෑසන පිළිපැනීමට ලක් වූ දුම්රිය ඊයේ 30 රාත්‍රී නවය පමණ වන විට යළි පිළිගත කිරීම අවසන් කළ බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරියේ ස්ථාන භාර නිලධාරී ධම්මික හේරත් මහතා පැවසීය.

Read More

රුපියල් දහ හත් කෝටි හැට ලක්ෂයක් (මිලියන 176.8 ක් ) වටිනා කිලෝ ග්‍රෑම් 07 යි ග්‍රෑම් 700 ක් බරැති රත්තරන් බිස්කට් 66 ක් සිය යට ඇදුමේ සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ කාර්යය මණ්ඩල පිටව යන දොරටුවෙන් පිටව යමින් සිටි ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ සේවකයෙකු 12/30 දින පස්වරු 04.30 ට පමණ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව කසළ තේ කිලෝ ග්‍රෑම් 6045ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් ලොරි රථය සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවස

Read More

උඩරට දුම්රිය මාර්ගයේ තලවාකැළේ වටගොඩ අතර භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලි පැනීම නිසා උඩරට දුම්රිය ගමනාගමනයට අදත් 30 දින බාධා එල්ල වී ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසීය.

Read More

2023 සැප්තැම්බර්, ඔක්තෝම්බර්,නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී විවිධ ආපදා හේතුවෙන් සේවයට වාර්තා කිරීමට නොහැකි වූ දිනයන් වෙනුවෙන් රාජ්‍ය සේවකයන්ට විශේෂිත නිවාඩු ලබා දීමට රජය තීරණය කර තිබේ.

Read More

ප්‍රමුඛ පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් හා සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කුඩු රොෂාන්, ඔහුගේ සහෝදරයා හා තවත් දින හතරක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට වරකාපොල මහේස්ත්‍රාත් අධිකරණය වරකාපොල පොලීසියට අවසර දුන්නේය.

Read More

පාර්ලිමේන්තුව විසින් අනුමත කළ 2023 වසරේ අයවැය ප්‍රතිපාදනවලට යටත්ව 2023 වසරේ දෙසැම්බර් 15 දක්වා සියලු රජයේ ආයතන විසින් සහතික කරන ලද සියලුම බිල්පත් සඳහා අවශ්‍ය අරමුදල් මහා භාණ්ඩාගාරය විසින් මේ වන විට නිදහස් කිරීමට කටයුතු කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

රටේ නිවාසවල ආදායම් මට්ටම 60%කින් අඩුවන විට වියදම් මට්ටම 90% කින් වැඩි වී ඇති බවත් ආර්ථික අර්බුදය නිසා සියයට 22ක් ණය බරින් පෙළෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Read More

ධාරාණිපාත වර්ෂාව සමග පස් කන්දක් කඩා වැටී අද 29 සවස පස්සර ලුණුගල මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව ලුණුගල පොලීසිය කියයි.

Read More

ඓතිහාසික බොල්තුඹේ සමන් මහ දේවාලයේ බස්නායක ධූරයට ගැමුණු බණ්ඩාර වලිසුන්දර මහතා අද (29) තේරී පත් විය.

Read More

ප්‍රමිතියෙන් බාල ඖෂධ රට තුළට ගෙන ඒම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබන පරීක්ෂණය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදිය යුතු පූර්ණ සහය ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

Read More

පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් සහ බදුල්ල කොළඹ පොඩිමැනිකේ දුම්රිය පිළීපැනිමට ලක් වීමෙන් අඩාල වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අද (29) පස්වරුවේ යථා තත්වයට පත් කල බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

Read More

දඹුල්ල නගරයේ සිල්ලර එළවලු වෙළදපලේ අමුමිරිස් එක කරලක් රු 10 - 15ත් අතර මුදලකට 29 දින අලවි වන බව ජනතාව පවසති .

Read More

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පොඩි මැණිකේ දුම්රිය අද උදෑසන 8.30ට පමණ හාලිඇළ බදුල්ල දුම්රිය ස්ථාන දෙක අතරදි පිළිපැනීමට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසීය.

Read More

අද දහවල් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු විවෘත කිරීමට නියමිත බැවින් මඩකලපුව - පොලොන්නරුව ප්‍රධාන මාර්ගය නැවත දැනුම් දෙනතුරු සම්පූර්ණයෙන් වසා දැමීම සිදු වේ.

Read More

ජනවාරි 04 වැනි දා සිට 31 වැනි දා දක්වා පැවැත්වෙන උසස්පෙළ විභාගයට අදාළ සියලුම ප්‍රවර්ධන කටයුතු අද ( 29 වැනි) දින මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන තෙක් තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ගොවීන්ට බෙදා දීම සඳහා ඔස්ට්‍රේලියාවේ සිට ආනයනය කර යාපනයේ කුප්පවේලි ප්‍රදේශයේ ගබඩා කර තිබූ බීජ අර්තාපල් මෙට්‍රික් ටොන් 21කින් 40%ක් ශාක නිරෝධායන නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ වහාම බැහැර කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

සමහර ප්‍රදේශවල අමු මිරිස් කිලෝවක සිල්ලර මිල රු.1800 දක්වා ඉහළ ගොස් තිබෙන අතර, බෝංචි හා වම්බටු කිලෝවක මිල රු. 800 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

මෙරට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මේ වන විට මෙරට පවුල්වලින් සියයට 60.5 ක මාසික ආදායම පහළ බැස ඇති බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව විසින් මෙම සමීක්ෂණය සිදු කර ඇත.

Read More

සැමියා විදෙස්ගතව සිටින මේ කාන්තාව හිටපු පොලිස් නිලධාරියෙකු සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වගෙන ගොස් ඇති බවත් ඔහු සමග කාමරවලට ගොස් ගත කළ අයුරු හිටපු පොලිස් නිලධාරියා සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ කර ගෙන එය පෙන්න පෙන්නා ඒවා සැමියාට යවන බව පවසා ඇයගෙන් කප්පම් මුදල් ලබාගෙන ඇති බවත් මේ වනවිට ඔහු ඇයගෙන් රුපියල් ලක්ෂ හතරක් පමණ අරගෙන ඇති බවත් පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.