මාලිමා මන්ත්‍රිවරුන්ගේ ආචාර්ය මහාචාර්ය පදවි ගැන හොයන්න තේරිම් කාරක සභාවක් ඉල්ලයි
ජාතික ජන බලවේග රජයේ කථානායක ඇතුළු සියලු මැති ඇමතිවරුන් මන්ත්‍රීවරුන්ගේ මහාචාර්ය තනතුරු, ආචාර්ය උපාධි, ඉංජිනේරු,වෛද්‍ය ආදී තනතුරු නාම ඇතුළු සියලු අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය සහ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ තීරණයකට එළඹ ඇත.
එක්සත් ජාතික පක්ෂයේ සහ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් නායක ජීවන් තොණ්ඩමාන් මහතා විසින් අදාල යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
කථානායක අශෝක රන්වල මහතාගේ ආචාර්ය උපාධිය මෙන්ම තවත් අමාත්‍යවරයකුගේ ඉංජිනේරු තනතුර සම්බන්ධයෙන් දැනට මතු වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සැලකීමට ගෙන එම ගැටලු නිරාකරණය කර ගැනීමේ අරමුණින් මෙම තේරීම් කාරක සභාව පත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කරන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ පවසයි.
කථානායක අශෝක රන්වල මහතාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදයට කථානායකවරයාගෙන් හෝ ජාතික ජන බලවේග රජයෙන් පිළිගත හැකි පිළිතුරක් මේ වන තෙක් ලැබී නොමැති හෙයින් අදාල තේරීම් කාරක සභාව පත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

