saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 2745 hours ago

LATEST

2026 දක්වා සංවර්ධන සැලසුම් 66ක් ගැසට් කිරීමට සැලසුම්

calendar_today 2024 ජන 03 - 17:31 remove_red_eye - 258  

ඉදිරියේදී වසරකට සංවර්ධන සැලසුම් 22 බැගින් සැලසුම් 163ක් සකස් කිරීමට අවශ්‍ය ඉලක්කයක් මේ වනවිට විෂයභාර ඇමතිවරයා විසින් නාගරික සංවර්ධන අධිකාරියට ලබා දී තිබේ.

රුසියාවේ මොස්කව් නුවර සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර සිව් වැනි ගුවන් සේවයත් එළඹි 2024 වසරේ ජනවාරි මස 01 දින සිට ගුවන් ගමන් ආරම්භ කර තිබේ . ’’ රොසිය ගුවන් සේවය ’’ මෙසේ නව ගුවන් ගමන් සේවා ආරම්භ කර ඇති අතර මෙම ගුවන් ගමන් සදහා බෝයිං - 777 වර්ගයේ ගුවන් යානා සේවයේ යොදවා තිබේ .

Read More

ලංකා විදුලි බල මණ්ඩලයේ කළමණාකාරිත්වය විසින් නිකුත් කර ඇති මාර්ගේපදේශ පිළිනොපදින හෝ එහි සේවාවන්ට බාධාකරන කිසියම් වූ සේවකයෙක් සිටි නම් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහත උපදෙස් දී තිබේ.

Read More

විදුලි ගාස්තු අඩු කිරීමේ ‌යෝජනා ලබන සතියේදී විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

Read More

යුක්තිය මෙහෙයුම ඇතුළු මෙහෙයුම්වලදී අත් අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා පොලිස් වසම් මට්ටමින් පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට පොලිස් දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

Read More

ආගමික වශයෙන් අපහාසාත්මක ප්‍රකාශයක් කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දේවගැති ජොරොම් ප්‍රනාන්දු ඇප මත නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය 2023 වසරේ සිදුකල මෙහෙයුම් මඟින් මත්ද්‍රව්‍ය හා මත්පෙති ජාවාරම, අනවසර භාණ්ඩ ජාවාරම සහ මිනිස් ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු සිදුකල දේශීය හා විදේශීය පුද්ගලයින් 343 ක් සමඟ මත්ද්‍රව්‍ය විශාල තොගයක් නීතියේ රැහැනට හසුකරදීමට සමත් විය

Read More

අ.පො.ස.උසස් පෙළ විභාගය (2023) හෙට සිට (4) ආරම්භ කර 31 දක්වා විභාග මධ්‍යස්තාන 2298 කදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඒ අනුව මෙම ජල ධාරිතාවය යෝදකණ්ඩිය ජලාශයේ සමස්ත ජල ධාරිතාවයට සමාන වන බවත් එසේම තිසාවැවේ ජල ධාරිතාවය මෙන් 05 ගුණයක ඉහළ යාමක් වන බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති දේශගුණික සුහුරු වාරි කෘෂිකාර්මික ව්‍යාපෘතිය පෙන්වා දෙයි.

Read More

වර්ෂාව අඩු විමත් සමග මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අද අලුයම වසා දමන ලදි.

Read More

ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කර යාපනයයේ ගොවීන්ට බෙදා දීමට ගෙන්වනලද බවට පැවසෙන බීජ අර්තාපල් අල ටොන් 20.75 ක ප්‍රමාණයක් බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් නරක්වීම හේතුවෙන් ඒම බීජ අරතාපල් සියල්ල වලදමා විනාශ කිරීමට පියවර ගෙන ඇත.

Read More

තමන් වහන්සේ මල්වතු පාර්ශ්වයේ මහනායක ධුරයට පත්ව ගෙවුණු විසි වසරක කාලය තුළ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳව විවිධ දේශපාලකයන් ලබා දුන් පොරොන්දු මතකයේ තිබෙන බවත් ඒ සියලු දේශපාලකයන් ජනාධිපති පුටුවට ගිය පසු එම පොරොන්දු අමතක කළ බවත් මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක හිමියෝ පැවසූහ .

Read More

ඉන්දියාවෙන් වාර්තා වන JN.1 නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය පසුවිපරමින් සිටින බවත්, ඒ අනුව මෙතෙක් සිදුකළ නියැඳි පරීක්ෂණවලින් කිසිදු රෝගියෙක් වාර්තා වී නොමැති බවත් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

Read More

කොළඹ බදුල්ල 99 මාර්ගයට හල්දුම්මුල්ල නගරය ආසන්නයේදී අද (02) සවස 7.00 ට පමණ දැවැන්ත ගල් පර්වත සමග පස් කන්දක් කඩා වැටී මාර්ගය මුලුමනින්ම අවහිර වී ඇති බව හල්දුම්මුල්ල පොලීසිය පැවසීය.

Read More

පසුගිය වසරේදී අලිඇතුන් 476ක් මියගොස් තිබෙන බවත් මෑත ඉතිහාසයේ වැඩිම අලිඇතුන් මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ පසුගිය වසරේදී බවත්පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සඳහන්කරයි.

Read More

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවූ ශ්‍රි ලාංකික තරුණයින් සඳහා අක්කර 2.5ක ඉඩම් කොටසක් ලබාදීමට සඳහා තමන් ජනාධිපති සමග සාකච්ඡා කළ අතර, ඒ සඳහා ජනාධිපතිවරයා එකගතාවය හිමිවූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කළේය. අමාත්‍යවරයා මේ අදහස් පළකළේ ඊයේ දින (2024.01.01) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවති වැඩසටහනකට එක්වෙමිනි.

Read More

2024 වසරේ දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිවූ පළමු කණ්ඩායම වශයෙන් ශ්‍රි ලාංකික තරුණයින් සිය දෙනෙකු අද දින UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතය. දකුණු කොරියානු රැකියා හිමිවූ 832 වන කණ්ඩායම වන මෙම පිරිසට නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවී තිබේ.

Read More

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අනුරාධපුර දිස්ත්‍රික් නායක, හිටපු අමාත්‍යය, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතාට හා ඔහුගේ සොයුරු හිටපු උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යය එස්.එම් රංජිත් සමරකෝන් මහතාට ඔවුන්ගේ මැතිවරණ බලප්‍රදේශය වන කළාවැව ආසනයේ තඹුත්තේගම කොන්වැවදී ජනතා විරෝධයක් එල්ල වී ඇත.

Read More

ත්‍රිකුණාමලයේ චීන වරායේ ඉහළ ටැංකි අංගනයේ ඉන්ධන ගබඩා ටැංකි 61ක් ඉදි කිරීම, ක්‍රියාත්මක කිරීම හා පැවරීම ව්‍යාපාරික මාදිලි යටතේ සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ජපානයේ වෙරළාරක්ෂක බලකායේ ගුවන් යානයක් හා A 350 එයා බස් ගුවන් යානයක් ගැටීමෙන් සිදුවූ අනතුරින් ජපාන වෙරළාරක්ෂක බලකායේ සාමාජිකයන් පහක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

මස්කෙළිය නඟරයේ පිහිටි සතොස අලෙවි සලෙන් රුපියල් 35/- ට බිත්තරයක් මිළදී ගෙන රුපියල් 65/- ක අධික මිළකට මස්කෙළිය නඟරයේ වෙළඳසල් කීපයක ව්‍යාපාරිකයින් විසින් විකුණන බව ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව චෝදනා කර සිටිති.

Read More

පාසල් නිවාඩු කාලය තුළ සම්පූර්ණ මාසික ගාස්තුව ඉල්ලා සිටින පාසල් බස් රථ හිමිකරුවන්ට එලෙස නොකරන ලෙස දන්නවා ඊට අවශ්‍ය මැදිහත්වීම සිදු කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ මහතා පළාත් ප්‍රවාහන සේවා අධිකාරිය වෙත උපදෙස් ලබා දී තිබේ .

Read More

ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන තම 11 හැවිරිදි දරුවා යතුරුපැදියේ පිටුපස තබාගෙන මත්කුඩු ජාවාරමේ යෙදුණු කාන්තාවක් ඉංගිරිය පොලිසිය විසින් අද (02) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කල පොලිස් සැරයන්වරයෙකු අද (2දා) අළුයම ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

Read More

කොවිඩ් සහ ආර්ථික අර්බුදය නිසා ඉකුත් සමයේදී නතර කර තිබූ බොහෝ ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා පවසයි.

Read More

ගෙවී ගිය 2023 වසරේදී මෙරටට විදේස් සංචාරකයන් 1,487, 303 කු පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

Read More

නැගෙනහිර හා ඌව පළාත්වල දැනට පවතින්‍ වැසි තත්ත්වගේ තාවකාලික අඩුවීමක් ඉදිරි දින දෙක තුළදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත් හෙට දිනයේදී නැගෙනහිර හා උතුරු මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරමුව, දකුණු හා ඌව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි. එසේම ගාල්ල , ම

Read More

යුක්තිය මෙහෙයුමට සමගාමීය නව අවුරුද්දේ ආරම්භක දිනය වූ ඊයේ දිනයේදී සිදුකරන ලද වැටලීම් 832 කට අදාළව සැකකරුවන් 808ක් හා සැකකාරියන් 14ක් අත්අඩංගුවට ගත් බව පෙලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මින් සැකකරුවන් 60ක් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රඳවා ගෙන ප්‍රශ්න කිරීමට නියමිත බවත් සැකකරුවන් 72ක් පුනරුත්තාපනය සඳහා යොමු කිරීමට නියමිත බවත් එම කාර්යාලය පවසයි.

Read More

යාපනය වඩමාරච්චි නගර්කෝවිල් නැගෙනහිර මුහුදු තීරයට ඊයේ (01) සවස හඳුනාගත නොහැකි යකඩ වස්තුවක් ගොඩගසා තිබුණු බවට ප්‍රදේශයේ ධීවරයින් පවසති.

Read More

මෙරට උද්ධමනය තනි ඉලක්කමේ පවත්වාගෙන යාමට හැකි වී තිබීම මෙරට ව්‍යාපාරික ප්‍රජාවේ විශ්වාසය ගොඩ නැගීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.