13 වන සංශෝධනය මඟින් ලබා දී ඇති බලතල තම පළාතේ සංවර්ධනය සඳහා සක්‍රීයව භාවිතා කරන්න බලය බෙදීම හුදු දේශපාලන සංකල්පයක් නොව, ආර්ථික යථාර්ථයක් විය යුතුයි. 2024- 2025 ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර කරන වසර දෙකක්. රට ගොඩනැඟීමේ දී උතුරු පළාතෙන් පුළුල් දායකත්වයක් ලබාගත හැකියි – උතුරු පළාත් වෘත්තීයවේදීන් හමුවේ ජනපති අවධාරණ
බීඩී කර්මාන්තය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලු විසඳීම සඳහා විධිමත් නීති රාමුවක් සකස් කිරීමට කඩිනම් පියවර බීඩී කර්මාන්තය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (04) පෙරවරුවේ පැවැත්විණි.
Read Moreරුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් පමණ වෙළෙඳ පොළ වටිනාකමක් සහිත මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ගුවන් තැපැල් ඔස්සේ ලැබී තිබූ පාර්සල් 11 ක් තුළ තිබී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 01/04 දින සවස සොයා ගෙන අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
Read Moreමෙවර තෛපොංගල් සැමරුමෙන් පසුව රාජ්‍ය සේවකයන්ට සහන රටේ ආර්ථිකය ස්ථාවර කිරීමත් සමඟ සියලු ජනතාවට ආර්ථික සහන ලබාදීමට කටයුතු කරනවා. පසුගිය වසරේ සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා ගෙවීමට තිබු සියලු බිල්පත් මේ වන විට ගෙවා අවසන්. 2025 වන විට නැවත පදිංචි කිරීම් සියල්ල අවසන් කිරීමට උපදෙස්. අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලිමේ කටයුතු කඩිනම් කරනවා. උතුරේ ඉඩම් ගැටලුව කඩිනමින් විසඳීමට ඉඩම් අමාත්‍යාංශයේ නිලධාරීන් උතුරට. උතුරු පළාත කෘෂිකර්මාන්තයේ කේන්ද්‍රස්ථානය
Read Moreමොහු මීට ටික කළකට මෙවැනිම ආකාරයට රැකියා සදහා විදේශ ගත කරන බව පවසා පුද්ගලයන්ගෙන් වංචනිකව මුදල් ලබා ගැනීම පිළිබඳ වැරදි කරු වී වසර හතරහමාරක කාළයක් රක්ෂිත බන්ධනාගාර ගත වී සිට පැමිණ තිබුණි .
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව ශ්‍රී ලංකාවට දකුණෙන් වූ ගැඹුරු මුහුදේ සිදුකල මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන අද දින (2024 ජනවාරි 05) උදෑසන ගාල්ල වරාය වෙත රැගෙන ආ බව නාවික හමුදාව නිවේදනය කරයි.
Read Moreබෲස්ලි විසින් මුලින්ම හැදෑරූ සටන් කළා ශෛලිය වන ’’ විංචුං ’’ (Wing Chun ) සටන් කළා ශෛලියේ නව වන පරම්පරාවේ නිල උරුමක්කරු වන ’’ ය සඕරොන්ග් ’’ ( Ye Shaorong ) මහතා එම ශෛලියේ සටන් කළා වැඩසටහනකට සහ පුහුණු වැඩසටහනකට සහභාගී වීම සදහා තවත් සටන් ශිල්පීන් 07 දෙනෙකු සමග 01/04 දින රාත්‍රී චීනයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
Read Moreසමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානයට විවිධ පුද්ගලයන් එකතු කර ගන්නේ ප්‍රතිපත්ති මත පමණක් බවත් කිසිදු අයකුට කිසිදු ඇමතිකමක්, තනතුරු, සභාපතිකම්, අධ්‍යක්ෂකම් ලබා නොදෙන බවත් මෙම සන්ධානයට ගනු ලබන්නේ සමගි ජන බලවේගය පිළිගන්නා මැද මාවත අනුව කටයුතු කරන පිරිස බවත් වරදාන වරප්‍රසාද ලබා දී මන්ත්‍රීවරු රඳවා ගැනීම සහ බඳවා ගැනීම සිදු නොකරන බවත් එම සංස්කෘතියට නැවතීමේ ළකුණ තබා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
Read Moreවිකට රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතාගේ රංගනය අනුකරණය කිරීම සහ ඒ අනුසාරයෙන් චිත්‍රපට නිෂ්පාදනය කිරීමේ චෝදනා ලැබු රංගන ශිල්පීන් පස්දෙනා විත්ති වාචක නොකැඳවාම නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (04) තීරණය කළේය .
Read Moreපසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී 18% කින් ඉහළ දැමූ විදුලි ගාස්තුවෙන් 50% කින් පමණ අඩු කිරීම කඩිනමින් සිදු කරන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා ඊයේ (4දා) පැවසීය.
Read Moreසංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හරක්කටා නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය හඳුනාගෙන ඊට සම්බන්ධ පුද්ගලයන්ට පියවර ගැනීම සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය යටතේ රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ විශේෂ කණ්ඩායම් තුනක් පත් කිරීමට ද වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පියවර ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreමෙතෙක් වෛද්‍යාධාර නොගෙවන ලද රෝග හඳුනාගෙන එම රෝග සඳහා ද වෛද්‍යාධාර ගෙවීම ඇරඹේ. වයස අවුරුදු 21ට අඩු පිරිස සඳහා පෞද්ගලික හෝ අර්ධ රාජ්‍ය රෝහල්වලින් අක්ෂි ශල්‍යකර්ම සිදුකර ගැනීමට වෛද්‍යාධාර. කුඩා ළමුන් සඳහා රාගම රෝහලේ දී සිදු කරන අක්මා බද්ධ කිරීමේ සැත්කම් සඳහා රුපියල් මිලියනයක් දක්වා වෛද්‍යාධාර. වෛද්‍යාධාර ලබාදීමේ දී සැලකිල්ලට ගනු ලබන මාසික රුපියල් 150,000ක ආදායම් සීමාව ලක්ෂ 02ක් දක්වා වැඩි කෙරේ.
Read More2024 පළමු කාර්තුව අවසන් වන විට ජනතාවගේ ජීවන බර 75% කින් අඩු වෙනවා – වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු
Read Moreඇල්පිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සතු මෝටර් රථයක් මූල්‍ය සමාගමක පිරිසක් විසින් පැහැරගෙන යද්දී අනතුරකට ලක්ව ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.
Read More• 2023.06.30 දිනට ලැබිය යුතු මුළු බදු ආදායම රුපියල් බිලියන 943ක් • බදු ගෙවිය යුතු බවට හඳුනාගෙන ඇති බදු හිමියන් පවා බදු ගෙවා නැහැ • පවතින නීති යටතේ වසර 15ක් බදු ගෙවීම පැහැර හැරිය හැකියි • පවතින නීති සංශෝධනය කිරීමට කඩිනම් පියවර
Read Moreනීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර , තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යමින් සිටි ජංගම දුරකථන 323 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු සහ ඒවා රැගෙන යමින් තිබූ වෑන් රථයක් ද පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් 01/03 දින සවස කොළඹ - කටුනායක අධ්වේගී මාර්ගයේ දී අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ උසස් නිලධාරීවරයෙකු පැවසීය .
Read Moreගෝනපොල කෝරලඉම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ කාර්යාලයේ තිබු උපත් පාලන කොපු තොගයක් කිසියම් පුද්ගලයකු සොරාගෙන ගොස් ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.
Read Moreදක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 72 කුරුඳුගහ හැතැක්ම ප්‍රදේශයේදී ලොරියක් සහ සුඛෝභෝගී වෑන් රථයක් ඊයේ (3) රාත්‍රී එකිනෙක ගැටීමෙන් එකම පවුලේ මවක් සහ දියණියක් මියගොස් සිව් දෙනකු බරපතල තුවාල ලබා ඇතැයි කුරුඳුගහ හැතැක්ම රථවාහන පොලිසිය කියයි.
Read Moreසීගිරිය/දඹුල්ල ව්‍යාපෘතිය සදහා මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සහ ත්‍රිකුණාමලය ව්‍යාපෘතිය සදහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය මේවන විට ලබා ගෙන ඇති බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය සදහන් කරයි.
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවි ඔහුගේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් සමගි ජන බලවේග සන්ධානය හා එක් විය.
Read Moreඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්දියානු ණය පහසුකම් යටතේ ඉන්දියානු සමාගමෙන් ඛනිජ තෙල් මිලදී ගැනීමේදී ලංකා සුපර් ඩීසල් වලට අදාල මිළ පදනමම ඔටෝ ඩීසල් සඳහා යොදාගැනීමෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන (4.6 )හෙවත් රුපියල් කෝටි 170 ( මිලියන1669)කට ආසන්න මුදලක් සංස්ථාව පාඩු ලබා ඇතැයි ජාතික විගණන කාර්යාලය මගින් ජනවාරි මස දෙවෙනිදා නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවෙන් හෙළිකර සිටි.
Read Moreදේශිය ආදයම් දෙපාර්තමේන්තුවේ 36 වැනි කොමසාරිස් ජනරාල් ලෙස ඩබ්.ඒ්. සේපාලිකා චන්ද්‍ර සේකර මහත්මිය පත්කර තිබේ. එම තනතුරට පත්වීමට පෙර ඇය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් ලෙස සේවය කළය. පසුගිය 01 දා සිට බල පැවැත්වෙන පරිදි ඇය මෙසේ රාජකාරියට පත්කර තිබේ.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සම්මාන සඳහා නිර්දේශිත ක්‍රීඩකයන් අතර ශ්‍රී ලංකා නවක වේග පන්දු යවන ක්‍රිඩක ඩිල්ෂන් මධුශංක හා ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තුගේ නම් ඇතුළත්ව තිබේ.
Read Moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සමඟ දුරකථන හරහා සබඳතා පැවැත්වූ පොලිස් නිලධාරීන් 19 කු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreවසය අවුරුදු 18ට වැඩි සියලු පුද්ගලයන් සඳහා බදු අංකයක් ලබාගැනීම අනිවාර්ය වුවද, ඊට අනුගත නොවන පුද්ගලයන්ට රු.50,000ක දඩ මුදලක් අය කිරිමට නීතිමය ප්‍රතිපාදන ඇතත්, එය මේ මොහොතේ ක්‍රියාත්මක නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
Read Moreදෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට සංචාරකයන් 210 352ක් පැමිණ ඇති අතර එය 2022 වසරේ දෙසැම්බර් මාසය හා සැසදීමේදී සියයට 129ක වර්ධනයකි. මාලදිවයිනට දෙසැම්බර් මාසයේදී සංචාරකයන් 194 690ක් පැමිණ ඇති අතර එය 2022 දෙසැම්බර් මාසය හා සැසදීමේදී සියයට 6ක වර්ධනයකි.
Read Moreකටුනායක ගුවන් තොටුපොළ තුළ අලුතින් පිහිටවු ගුවන් තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සමිතියේ සභාපති ඇතුළු උසස් නිලතල දැරූ නායකයින් 28 දෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි 01/03 දින දහවල් 12.00 පැයේ සිට අත් හිටුවා අනිවාර්ය නිවාඩු ගැන්වීමකට ලක් කිරීමට සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය මහතා ලිපි මගින් පියවර ගෙන තිබේ .
Read Moreසිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට ශ්‍රී ලංකා නව ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ. එම සංචිතය තුළ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් දක්නට ඇති අතර ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ඇතුළු ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම යළිත් සංචිතයට එක්කර තිබේ.
Read Moreයාපනය දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමට නම් පොලීසිය මීට වඩා ක්‍රමානුකූලව වැඩකළ යුතු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි මෙන්ම ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා සමග 2023.01.03 Zoom තාක්ෂණය ඔස්සේ පැවති රැස්විමේදි පැවසීය.
Read Moreඉදිරියේදී වසරකට සංවර්ධන සැලසුම් 22 බැගින් සැලසුම් 163ක් සකස් කිරීමට අවශ්‍ය ඉලක්කයක් මේ වනවිට විෂයභාර ඇමතිවරයා විසින් නාගරික සංවර්ධන අධිකාරියට ලබා දී තිබේ.
Read More