ඉන්දුනීසියාවෙන් ඔබ්බෙහි මුහුදේ ගිලෙමින් පැවති අනවසර සංක්රමණිකයන් රැගත් බෝට්ටුවක අවසන් වෙමින් පැවති ආහාර සඳහා වූ ගැටුමකදී පුද්ගලයන් 100 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
එහිදී, ආහාර වෙනුවෙන් පුද්ගලයන් දෙපිලකට බෙදී සටන් වැදී ඇති අතර, පසුව එකිනෙකා අල්ලා මුහුදට වීසි කර ඇති බවද කියැවෙයි.
කෙසේ වෙතත්, යාත්රාවේ සිටි 700ක් බේරාගෙන ඇති අතර, ඔවුන් මියන්මාර සහ බංග්ලාදේශ ජාතිකයන් බව කියැවෙයි.
අග්නිදිග ආසියානු සාගර කලාපයේ මේ ආකාරයෙන් අනවසර සංක්රමණිකයන් රැගත් යාත්රා රැසක් ගමන් කරන අතර, එකී යාත්රා අනතුරට පත්වීමෙන් ජීවිත දහස් ගණනින් විනාශ වෙයි.