saravita-anim2

2026 මාර්තු මස 16 වන සඳුදා

2026 මාර්තු මස 16 වන සඳුදා

International - timelapse 7438 hours ago

LATEST

බූස්ටර් නොව මාත්‍රා පරිත්‍යාග කිරීම ගැන සිතන්න - WHO

calendar_today 2021 ජුලි 15 - 20:00 remove_red_eye - 381  

මේ දක්වා කොවිඩ්-19 එන්නත්වල තුන්වැනි මාත්‍රාවක් අවශ්‍ය බව පෙන්වීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

දිගින් දිගටම ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් බටහිර ජර්මානු ප්‍රාන්ත වන රයින්ලන්ඩ්-පලටිනේට් සහ උතුරු රයින්-වෙස්ට්ෆේලියා හි ඇති වූ ගංවතුර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 58දෙනෙකු මියගොස්, තවත් සැලකිය යුතු පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

සිල්ලර වෙළෙඳ සැල්, අත්‍යවශ්‍ය රාජකාරි, ව්‍යායාම, සෞඛ්‍ය සේවා සහ එන්නත් ලබාගැනීම හැර අද (15දා) මධ්‍යම රාත්‍රියේ සිට මිලියන 6.6ක ජනතාවකට නිවසේ රැඳී සිටින ලෙස දැනුම් දී තිබේ.

Read More

මහජන සෞඛ්‍ය හා සමාජ ක්‍රියාමාර්ග පිළිපැදීමේ ඌණතාව සහ ප්‍රජාවන්ගේ උදාසීනත්වය වැඩිවීම මෙන්ම අඩු එන්නත් අනුපාත සහ නව ප්‍රභේද ව්‍යාප්ත වීම මෙම තත්ත්වයට හේතුව බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

චීනය සිය වයඹදිග ෂින්ජියැන් උයිගුර් ස්වයං පාලන කලාපයේ සියලුම ජනවාර්ගික කණ්ඩායම්වලට සමාන අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳව ධවල පත්‍රිකාවක් නිකුත් කර තිබේ.

Read More

ඩොලර් මිලියන 185ක් (රු.කෝටි 3,700ක් පමණ) වටිනා කොකේන් ටොන් 5.4ක් කොලොම්බියාවේ බලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව එරට නාවික හමුදාව පවසයි.

Read More

අධික ලෙස බෝවන වෛරස් ප්‍රභේද නවතම ආසාදන රැල්ලට හේතු වී ඇති අතර මිනිසුන්ට එන්නත ලබා දීමට අපොහොසත් වීම ජපානයේ ජනගහනය අවදානමට ලක්කර ඇති බව කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 187,800,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

පුළුල් දේශගුණික පැකේජයක කොටසක් ලෙස වසර 20ක් තුළ පෙට්‍රල් සහ ඩීසල් මෝටර් රථ අලෙවිය අවසන් වන බවට සංඥා කරමින්, විදුලි මෝටර් රථ භාවිතයට මාරුවීම වේගවත් කරන යෝජනාවකට යුරෝපා සංගමය සූදානම් වෙයි.

Read More

’’සමහරුන් නිසා රට යළිත් වසා දමන්නේ නැහැ’’ ග්‍රීක අගමැති කිරියාකොස් මිට්සෝටකිස් රූපවාහිනී සාකච්ඡාවකදී කියා සිටියේය.

Read More

පසුගිය සිකුරාදා වාර්තා කළ 1,378ක දෛනික ආසාදන වාර්තාව ඉන් අනතුරුව දිනපතාම පහසුවෙන් අභිභිවා ගොස් ඇත. එහිදී, වඩාත් බෝවන ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වීම සහ එන්නත් කිරීමේ වේගය අඩුවීම මේ ආකාරයෙන් ආසාදන වැඩිවීමට හේතු වී ඇති බව කියයි.

Read More

දකුණු අප්‍රිකාව පුරා නගරවල ජනයා පොලීසිය සමග ගැටුම් ඇතිකර ගනිමින්, සාප්පු සංකීර්ණ කොල්ලකමින් හා ගිනි තබමින් ප්‍රචණ්ඩක්‍රියාවල යෙදෙන අතර, උද්ඝෝෂණ හේතුවෙන් පුද්ගලයන් 72 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති අතර 1,234 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

Read More

දෙසැම්බර් හෝ ජනවාරි මාසවලදී එන්නත් විදගත් එක්සත් ජනපදවාසීන් අතර කොවිඩ්-19 සඳහා ප්‍රතිශක්තිය අඩුවී ඇති බවට කිසිදු සාක්ෂියක් තමන් දැක නොමැති බව එක්සත් ජනපද රෝග පාලනය හා වැළැක්වීම සඳහා වූ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජේ බට්ලර් පවසයි.

Read More

දැනට සිකුරාදා අවසන් වීමට නියමිතව ඇති සීමාවන් ඉවත් කරනු ලබන්නේ ප්‍රජාව තුළ සංසරණය වන අලුතින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව ශුන්‍යයට ආසන්න වූ විට පමණකි. එමෙන්ම වසා දමා ඇති ව්‍යාපාරවලට මූල්‍ය සහන ලබාදීමටත් සූදානම් වෙයි.

Read More

දශක ගණනාවක යුද්ධ හා සම්බාධක මධ්‍යයේ රටේ අබලන් වූ සෞඛ්‍ය සේවා පද්ධතිය ඉස්මතු කරමින් නසිරියාවේ අල් හුසේන් ශික්ෂණ රෝහලේ සඳුදා රාත්‍රියේ ඇති වූ ගින්නෙන් පුද්ගලයින් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයිද බලධාරීහු පවසති.

Read More

වසර පහක් පුරා නොවෙනස්ව සිටීමෙන් පසු, මන්දපෝෂණයෙන් පෙළෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව පසුගිය වසරේ මිලියන 768ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ලෝක ජනගහනයෙන් 10%කට සමාන වෙයි. මෙය 2019 ට සාපේක්ෂව මිලියන 118ක වැඩිවීමක් පෙන්නුම් කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 187,238,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

කොවිඩ්-19 වසංගතය සහ එහි ආර්ථික බලපෑම් පිළිබඳව අවධානය යොමු කරමින් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩේන් ආසියා පැසිෆික් ආර්ථික සහයෝගිතා (APEC) නායකයන්ගේ අතිරේක රැස්වීමක් කැඳවමින් එහි මුලසුන හොබවන බව අද (12දා) නිවේදනය කළාය.

Read More

වාර්තාගත ආසාදන සිද්ධීන් හා මරණ සම්බන්ධයෙන් අප්‍රිකානු මහාද්වීපයේ දරුණුතම බලපෑමට ලක්ව ඇති රට වඩාත් බෝවන ඩෙල්ටා කොරෝනා වෛරස ප්‍රභේදය මගින් මෙහෙයවන තුන්වැනි ආසාදන රැල්ලක ග්‍රහණයේ පවතී.

Read More

ඉරාක සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කළේ ගින්නෙන් මියගිය සංඛ්‍යාව බොහෝ වැඩිවිය හැකි බවයි. මන්දයත් රෝහල තුළ සිටි රෝගීන් විශාල පිරිසක් අතුරුදන්ව ඇති බැවිනි. එමෙන්ම සෞඛ්‍ය සේවකයන් දෙදෙනෙකුද ගින්නෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

COVAX හි ආධාරකරුවෙකු වන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සීනොෆාම් සහ සිනොවැක් එන්නත් මේ වනවිටත් හදිසි භාවිතය සඳහා අනුමත කර ඇති එන්නත් වන අතර, ඒවා ලොවපුරා මිලියන ගණනින් භාවිතයට ගෙන සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇත.

Read More

අත්අඩංගුවට ගත් 63 හැවිරිදි ක්‍රිස්ටියන් එමානුවෙල් සනොන් නමැති මෙම ප්‍රහාරයේ මහ මොළකරු පසුගිය ජුනි මස මුලදී පෞද්ගලික ජෙට් යානයකින් හයිටිය වෙත පැමිණ තිබේ. හයිටි ඇමෙරිකානුවෙකු වන ඔහු කුලී හමුදාවක් සූදානම් කර තමා වෙත හයිටියේ ජනාධිපති ධුරය ලබාගැනීමට සූදානම් සිට ඇත.

Read More

විවිධ නිෂ්පාදකයන්ගේ කොවිඩ්-19 එන්නත් මිශ්‍රකර ගැළපීම භයානක ප්‍රවණතාවක් බවත්, ඉන් සෞඛ්‍යයට ඇති බලපෑම පිළිබඳව පවතින්නේ අල්ප දත්ත ප්‍රමාණයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරිය අනතුරු අඟවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 186,732,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

’’මම වරක් තරු දෙස බලා සිහින දැක්ක දරුවෙක්. දැන් මම අපේ සුන්දර පෘථිවිය දෙස අභ්‍යවකාශයේ සිට බැලූ වැඩිහිටියෙක්’’ යැයි ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් අභ්‍යවකාශයේදී වීඩියෝවකින් පැවසීය.

Read More

90 වැනි වියේ පසුවන කාන්තාවක් නිව් සවුත් වේල්ස් ප‍්‍රාන්තයේදී වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය අතර, ඇය අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදය සමග පොරබදමින් සිටි තැනැත්තියක බව කියයි.

Read More

චීනයේ ෂුරොන්ග් රෝවරය අඟහරු ගවේෂණයේ යෙදෙමින් අද (11දා) රාත්‍රී 8.00 වනවිට රතු ග්‍රහලෝකයේ මීටර් 410කට වඩා වැඩි දුරක් ගමන් කළ බව චීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාලනය පවසයි.

Read More

පාර්ලිමේන්තුවේදී මැක්‍රොන්ගේ සන්ධානයට නිතිපතා සහාය දෙන පක්ෂය වන මොඩෙම්හි නායකයා පැවසුවේ සෑම කෙනෙකුටම අනිවාර්ය එන්නත ලබාදීම හැර වෙනත් විකල්ප මාර්ගයක් නොමැති බවයි. ෆ්‍රැන්කොයිස් බයිරූ යෝජනා කළේ එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කරන සෞඛ්‍ය සේවකයන් හෝ ඕනැම වෘත්තිකයෙකු සිය රාජකාරීවලින් අත්හිටවිය යුතු බවයි.

Read More

බෙල්ජියමේදී කොවිඩ්-19 මර්දන එන්නත් විදගෙන නොතිබූ, පසුගිය මාර්තු මාසයේදී වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත් 90 හැවිරිදි කාන්තාවකට එකවර කොවිඩ්-19 ප්‍රභේද දෙකක්ම වැලඳී තිබූ බව අනාවරණය වෙයි.

Read More

වසංගතයේ රැලි බොහොමයක් සඳහා සාර්ථකව කටයුතු කිරීමෙන් පසුව, වියට්නාමය අපේ‍්‍රල් අග සිට වඩාත් මුරණ්ඩු ආසාදන රැල්ලකට මුහුණ දී ඇති අතර, දිනපතා ආසාදන වාර්තාගත මට්ටම් කරා ඉහළ යමින් පවතී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.