ඉරාකයේ බැග්ඩෑඩ් බෝම්බ ප්‍රහාරයක් නිසා මරණ රැසක්
ඉරාකයේ නැගෙනහිර බැග්ඩෑඩ් හි වෙළෙඳ පොළක අද (19දා) බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 35 දෙනෙකු මිය ගොස් තවත් සැලකිය යුතු පිරිසක් තුවාල ලැබූ බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත කණ්ඩායම විසින් භාරගෙන ඇති බව එම කණ්ඩායමේ වෙබ් අඩවියක් සඳහන් කරයි. එහි සාමාජිකයෙකු විසින් ඔහුගේ මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටලය ක්‍රියාත්මක කිරීමෙන් මෙම බෝම්බ ප්‍රහාරය සිදුකර ඇත.
තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති බර්හාම් සාලිහ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, සාද්ර් නගරයේ සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් ඔවුන් දරුණු අපරාධයක් සිදුකර ඇති බවයි.




popular news
-
Kumar Tuesday, 20 July 2021 06:56 AM
civil wasiyan marana nisa thama thrasthawadin wenne. yudha hamudawa samaga satan wadinna unta pana naha.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

