saravita-anim2

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා

International - timelapse 6926 hours ago

LATEST

එන්නත් පමාවෙන් ඔස්ට්‍රේලියා අගමැති ජනප්‍රියත්වය පහළට

calendar_today 2021 ජුලි 18 - 21:40 remove_red_eye - 300  

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ ජනප්‍රියත්වය වසරකට වැඩි කාලයක් තුළ පහළම මට්ටමට වැටී ඇති බව ප්‍රකාශයට පත් කරන ලද මත විමසුමකින් කියැවෙයි.

ජූලි 1දා සිට 17දා අතර කාලය තුළ වෛද්‍යවරුන් 114 දෙනෙකු මිය ගියහ. වසංගතයේ ආරම්භයේ සිට මේ දක්වා කොවිඩ්-19 රෝගයෙන් මියගිය මුළු වෛද්‍යවරුන් 545 දෙනාගෙන් එය 20%කට වඩා වැඩි සංඛ්‍යාවකි.

Read More

මේ අතර ටෝකියෝ ඔලිම්පික් මලල ක්‍රීඩා ගම්මානයේදී විදේශ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙකු කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂාවක් වාර්තා කර තිබුණි.

Read More

ප්‍රංශයේ නව කොරෝනා වෛරසය සමග දැඩි සත්කාර ඒකකවල පුද්ගලයන් 891ක් ප්‍රතිකාර ලබන අතර, එය පෙර දිනට වඩා ඉහළ ගොස් තිබේ. එමෙන්ම රෝහල්වල මියගිය සංඛ්‍යාව 5කින් ඉහළ ගොස් සමස්ත මරණ සංඛ්‍යාව 111,472ක් බවට පත්ව තිබේ.

Read More

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍ය සජිඩ් ජාවිඩ් තමාට කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂණ ප්‍රතිඵලයක් ලැබී ඇති බව පවසයි.

Read More

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වෛරසයෙන් අතිරේක මරණයක් වාර්තා කළ අතර, වර්ෂය ආරම්භයේ සිට කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 3ක් දක්වාත්, වසංගතය ආරම්භ වූ දින සිට සමස්ත මරණ සංඛ්‍යාව 913ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.

Read More

’’සියල්ල මුළුමනින්ම විනාශ වෙලා. අපට දැන් අපේ ස්ථාන තිබුණු තැනක්වත් සොයා ගන්න බැරි තරම්’’ අහ්වෙයිලර් හි වයින් සාප්පුවක හිමිකරු මයිකල් ලැන්ග් කඳුළු සලමින් පැවසීය.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ ගිනිඅවි හිංසනය පිළිබඳ ලේඛනාගාරයට (GVA) අනුව මේ වසරේ මේ දක්වා සමූහ වෙඩි තැබීම් 361ක් සිදුව තිබේ.

Read More

යුරෝපයේ වනාන්තර මුහුණ දෙන පීඩනයන්ට ප්‍රතිචාර දැක්වීමට රටවලට උපකාර කිරීම එහි අරමුණ වී ඇති අතර, බලශක්තිය නිපදවීමට භාවිත කරන ජෛවස්කන්ධ ඉන්ධන සඳහා වන ඉල්ලුම සහ දේශගුණික විපර්යාස, නව ලැව්ගිනි රටා වැනි බලපෑම් හෝ පළිබෝධ පැතිරීම වැඩිවීම මෙවැනි යෝජනාවකට හේතු වී තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 189,500,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ජපාන ජනතාවට ඇති අවදානම අඩු කරමින් සියලු ධනාත්මක අවස්ථා වහාම හුදකලා කිරීමට කටයුතු කර ඇති බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැච් පවසයි.

Read More

චීනය අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලට එන්නත් මාත්‍රා මිලියන 500කට වැඩි ප්‍රමාණයක් ලබා දී ඇති අතර, ඉදිරි වසර තුන තුළ කොවිඩ්-19 ප්‍රතිචාරයට සහ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික හා සමාජීය ප්‍රකෘතියට සහාය වීම සඳහා තවත් ඩොලර් බිලියන 3ක ජාත්‍යන්තර ආධාර ලබාදෙන බව චීන ජනපති ෂී ජින්පිං අවධාරණය කරයි.

Read More

පාකිස්තාන දේශසීමා ආසන්නයේදී ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ සහ තලේබාන් සටන්කරුවන් අතර ඇති වූ දරුණු ගැටුමක් ආවරණය කරමින් රොයිටර් මාධ්‍යවේදී ඩැනිෂ් සිද්දිඛී ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇෆ්ගනිස්ථාන අණදෙන නිලධාරියෙක් අද (16දා) තහවුරු කළේය.

Read More

දශක ගණනාවකින් පසුව ජර්මනිය, බෙල්ජියම ඇතුළු යුරෝපා රාජ්‍යයන් රැසකට බලපාන දැවැන්ත ගංවතුරක් හේතුවෙන් අද (16දා) වනවිට මියගිය සංඛ්‍යාව 126ක් ලෙස සටහන් වෙමින්, අතුරුදන්ව සිටින පිරිස ඊටත් වඩා වැඩිවීම නිසා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි යන බිය හටගෙන තිබේ.

Read More

පාකිස්තානයේ වයඹදිග කයිබර් පක්තුන්ක්වා පළාතේ ඉහළ කොහිස්තාන් දිස්ත්‍රික්කයේ චීන කම්කරුවන් රැගත් බස් රථයක් ඉලක්ක කළ ප්‍රහාරයකින් චීන ජාතිකයන් 9දෙනෙකු සහ පාකිස්තානුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

Read More

අගෝස්තු මස අවසානයේදී ඉන්දියාව තුන්වැනි රැල්ලකට ගොදුරු වීමට ඉඩ ඇති බවත්, එය දෙවැනි රැල්ල තරම් තීව්‍ර නොවිය හැකි බවත් ඉන්දීය වසංගත රෝග විශේෂඥයෙක් අනතුරු අඟවා තිබේ.

Read More

කොවිඩ්-19 අප්‍රිකාවේ වඩාත්ම ජනාකීර්ණ රට හා විශාලතම ආර්ථිකයට පහර දෙමින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල 30%ක් හෝ ඊටත් වඩා වැඩි අගයකින් ඉහළ ගොස් තිබේ.

Read More

චීනයේ අඟහරු රෝවරය වන ෂුරොන්ග් එය අඟහරු මත ගොඩබෑම සිදුකළ පැරෂූටය සහ එහි ආරක්ෂිත ආවරණයේ ඡායාරූප සමග අඟහරු පෘෂ්ඨයේ සමීප රූප කිහිපයක් පෘථිවිය වෙත එවා ඇති බව චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය පවසයි.

Read More

මේ දක්වා කොවිඩ්-19 එන්නත්වල තුන්වැනි මාත්‍රාවක් අවශ්‍ය බව පෙන්වීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

දිගින් දිගටම ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් බටහිර ජර්මානු ප්‍රාන්ත වන රයින්ලන්ඩ්-පලටිනේට් සහ උතුරු රයින්-වෙස්ට්ෆේලියා හි ඇති වූ ගංවතුර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 58දෙනෙකු මියගොස්, තවත් සැලකිය යුතු පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

සිල්ලර වෙළෙඳ සැල්, අත්‍යවශ්‍ය රාජකාරි, ව්‍යායාම, සෞඛ්‍ය සේවා සහ එන්නත් ලබාගැනීම හැර අද (15දා) මධ්‍යම රාත්‍රියේ සිට මිලියන 6.6ක ජනතාවකට නිවසේ රැඳී සිටින ලෙස දැනුම් දී තිබේ.

Read More

මහජන සෞඛ්‍ය හා සමාජ ක්‍රියාමාර්ග පිළිපැදීමේ ඌණතාව සහ ප්‍රජාවන්ගේ උදාසීනත්වය වැඩිවීම මෙන්ම අඩු එන්නත් අනුපාත සහ නව ප්‍රභේද ව්‍යාප්ත වීම මෙම තත්ත්වයට හේතුව බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

චීනය සිය වයඹදිග ෂින්ජියැන් උයිගුර් ස්වයං පාලන කලාපයේ සියලුම ජනවාර්ගික කණ්ඩායම්වලට සමාන අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳව ධවල පත්‍රිකාවක් නිකුත් කර තිබේ.

Read More

ඩොලර් මිලියන 185ක් (රු.කෝටි 3,700ක් පමණ) වටිනා කොකේන් ටොන් 5.4ක් කොලොම්බියාවේ බලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව එරට නාවික හමුදාව පවසයි.

Read More

අධික ලෙස බෝවන වෛරස් ප්‍රභේද නවතම ආසාදන රැල්ලට හේතු වී ඇති අතර මිනිසුන්ට එන්නත ලබා දීමට අපොහොසත් වීම ජපානයේ ජනගහනය අවදානමට ලක්කර ඇති බව කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 187,800,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

පුළුල් දේශගුණික පැකේජයක කොටසක් ලෙස වසර 20ක් තුළ පෙට්‍රල් සහ ඩීසල් මෝටර් රථ අලෙවිය අවසන් වන බවට සංඥා කරමින්, විදුලි මෝටර් රථ භාවිතයට මාරුවීම වේගවත් කරන යෝජනාවකට යුරෝපා සංගමය සූදානම් වෙයි.

Read More

’’සමහරුන් නිසා රට යළිත් වසා දමන්නේ නැහැ’’ ග්‍රීක අගමැති කිරියාකොස් මිට්සෝටකිස් රූපවාහිනී සාකච්ඡාවකදී කියා සිටියේය.

Read More

පසුගිය සිකුරාදා වාර්තා කළ 1,378ක දෛනික ආසාදන වාර්තාව ඉන් අනතුරුව දිනපතාම පහසුවෙන් අභිභිවා ගොස් ඇත. එහිදී, වඩාත් බෝවන ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වීම සහ එන්නත් කිරීමේ වේගය අඩුවීම මේ ආකාරයෙන් ආසාදන වැඩිවීමට හේතු වී ඇති බව කියයි.

Read More

දකුණු අප්‍රිකාව පුරා නගරවල ජනයා පොලීසිය සමග ගැටුම් ඇතිකර ගනිමින්, සාප්පු සංකීර්ණ කොල්ලකමින් හා ගිනි තබමින් ප්‍රචණ්ඩක්‍රියාවල යෙදෙන අතර, උද්ඝෝෂණ හේතුවෙන් පුද්ගලයන් 72 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති අතර 1,234 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.