ජාත්‍යන්තර ජනාදරයට පත් ‘ලෝඩ් ඔෆ් ද රිංග්ස්’ චිත්‍රපට ත්‍රිත්වය සහ ‘ද හැබිටට්’ චිත්‍රපට (The Lord of the Rings film trilogy and The Hobbit) රූගත කිරීම සඳහා යොදා ගත් දර්ශන තල අයත් හොබිටන් සිනමා ගම්මානය නැරඹීමට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස එක් වූහ.
ලෝකයේ විවිධ රටවලින් වසරකට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණෙන හොබිටන් සිනමා ගම්මානය පිහිටා ඇත්තේ නවසීලන්තයේ හැමිල්ටන් නුවරට ඔබ්බෙන් පිහිටා ඇති වයිකටෝ නගරය ආශ්‍රිතවය.
හොබිටන් සිනමා ගම්මානයට පැමිණි වික්‍රමසිංහ මහතා, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඇතුළු දූත පිරිස පිළිගන්නා ලද්දේ සිනමා ගම්මානයේ සාමාන්‍යාධිකාරී රසල් ඇලෙක්සැන්ඩර් මහතා සහ අලෙවි කළමනාකාර හෙන්රි හෝන් මහතා විසිනි.
කලෙකට පෙර සත්ත්ව ගොවිපළක් වශයෙන් පවත්වාගෙන ගිය මේ පරිශ්‍රය සිනමා පසුතල සඳහා සුදුසු යැයි යෝජනා කළේ නවසීලන්ත සිනමා අධ්යක්ෂ පීටර් ජැක්සන් විසිනි. ඒ, ඔහුගේ ‘ලොඩ් ඔෆ් ද රිංග්ස්’ චිත්‍රපටය සඳහා සුදුසු දර්ශන තලයක් හෙලිකොප්ටර සංචාරයක් ඔස්සේ සොයා ගැනීමේ මෙහෙයුම අවසානයේදීය.
ඒ අනුව මෙම සත්ත්ව ගොවිපළ සිනමා දර්ශන තලයකට පරිවර්තනය කෙරුණු අතර, නවසීලන්ත රජය ඒ වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරමින් නවසීලන්ත යුද හමුදාව යොදවා ප්‍රවේශ මාර්ග සකසා දෙන ලදී.
වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස පැයකට අධික කාලයක් මෙම ගම්මානයේ සංචාරය කරමින් දර්ශන තල සහ ජනතා ආකර්ෂණීය ස්ථානයක් ලෙස මෙය පවත්වාගෙන යෑමේ උපක්‍රම පිළිබඳව අධ්‍යයනය කළහ.