saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Business - timelapse 9179 hours ago

LATEST

2022 සිට හැඳුනුම්පතක් නොමැති පුහුණුකරුවන්ට තහනමක්

calendar_today 2020 ජුනි 30 - 08:30 remove_red_eye - 251  

සෑම පුහුණුකරුවෙක්ම 2022 වසර ආරම්භ වනවිට බලපත්‍රලාභී පුහුණුකරු හැඳුනුම්පතක් ලබාගෙන තිබීම අනිවාර්ය බවත්, එසේ නොමැති පුහුණුකරුවන්ට පුහුණුකිරීම් කටයුතුවල නියැළීමට අවසර නොලැබෙන බවත් ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරයි.

තරග පාවාදීම්, තහනම් උත්තේජක ආදී කරුණු ගැන සොයා බලනවා සේම ක්‍රිකට් ක්‍රීඩාව තුළ ක්‍රියාත්මක වන වර්ගවාදය පිළිබඳ බැරෑරුම්ව කතා කළ යුතු බවත්, එවැනි අවස්ථාවලදී ඊට එරෙහිවද දැඩි දඬුවම් ලබාදිය යුතු බවත් බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් නායක ජේසන් හෝල්ඩර් පවසයි.

Read More

ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා වන ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තියා මුරලිදරන් 21 වන සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රීඩකයා ලෙස විස්ඩන් ක්‍රිකට් මාසික සඟරාව විසින් නම්කර තිබේ.

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලියක් සඳහා තම ක්‍රීඩකයින්ට සහභාගී වීමට සුදුසු වාතාවරණයක් තවමත් පැමිණ නොමැති බැවින් ශ්‍රී ලංකාව හා පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියට එක්වීමට නොහැකි බව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අගෝස්තු මස පැවැත්වීමට යෝජිත ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය සදහා අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටුයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ අනුමැතිය අද (24) දින ලබා දෙන ලදි.

Read More

2011 ලෝක කුසලානය සම්බන්ධයෙන් සිදු වුවේ යැයි කියන තරගපවා දීම සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශයට අදාළ පිටු හයකින් සමන්විත ලියකියවිල්ලක් අද (24දා) පොලිස් විශේෂ විමර්ෂණ අංශය වෙත පැමිණිල්ලක් කළ බව හිටපු ක්‍රීඩා අමාත්‍යය සහ මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පොදු ජන පෙරමුණේ අපේක්ෂක මහින්දනන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

Read More

2011 වසරේ ඉන්දියාවේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය මුදලට විකුණා ඇති බවට එවක ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියාදා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

Read More

තවත් ක්‍රිකට් ක්‍රීඩකයින් හත්දෙනෙකු කොවිඩ් -19 වෛසය වැළඳී ඇති බව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (පීසීබී) තහවුරු කරයි.

Read More

ලෝක අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා වන නොවැක් ජොගොවිච් ට කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී බැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

‘PDC T10 League’ නමින් තරගාවලියක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුමැතියක් ලබාදී නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

එංගලන්තයේ සංචාරය කිරීමට නියමිත පාකිස්තාන ක්‍රිකට් සංචිතයේ සාමාජිකයින් තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ.

Read More

ජුවෙන්ටස් කණ්ඩායම ගෝල 2-4ක් ලෙස පරාජයට පත්කරමින් නාපෝලි කණ්ඩායම කෝපා ඉතාලියා ශූරතාව දිනා ගැනීමට සමත්විය.

Read More

බංග්ලාදේශ කණ්ඩායමේ ක්‍රීඩකයෙක් වන මෂ්රාෆ් මොටාසා හට කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි.

Read More

ඔහු පවසන්නේ කණ්ඩායමේ අවසන් 11 දෙනාට නොමැති කෙනෙක් තරගයක් පාවා දෙන්නේ කෙසේදැයි නොදන්නා බවයි. එසේම යමෙක් 2011 ලෝක කුසලානය විකුණූ බවට පවසයි නම් එය ස්වාභාවිකම විශාල ගනුදෙනුවක් බවත් ඔහු ප්‍රකාශ කරයි.

Read More

ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුගේ උපදෙස් අනුව තරග පාවාදීමක් සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ​ය පිළිබද ක්‍රීඩා අමාත්‍යංශය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Read More

ජිම්නාස්ටික් යනු ලෝකය පුරා ක්‍රීඩාකරන ක්‍රීඩාවක් මෙන්ම ශාරීරික යෝග්‍යතාව වර්ධනය වෙනුවෙන්ද සිදු කරන ශාරීරික අභ්‍යාස මුසු ක්‍රීඩාවකි. ශරීරයේ නම්‍යශීලීත්වය උපයෝගී කරගනිමින් සිදු කරන මෙම චමත්කාරජනක ක්‍රීඩාව මගින් ක්‍රීඩකයන්ගේ ශාරීරික මෙන්ම මානසික ශක්තියද වර්ධනය කර ගත හැක.

Read More

වෙනත් රටවලට සාපේක්ෂව ශ්‍රි ලංකාවේ තත්ත්වය යහපත් බැවින් මෙම වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් සලකා බලන බව පාකිස්තානු ක්‍රිකට් සභාපති ඒෂාන් මානි පවසයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයන් වෙනුවෙන් සංවිධානය කරනු ලබන දෙවැනි නේවාසික පුහුණු වැඩසටහන එළඹෙන 22 වැනිදා ආරම්භ කරන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read More

2011 වසරේ ඉන්දියාවේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව ඉතාමත් බරපතල බවත් එය සෑම දෙනෙකුම ආදරය කරන ක්‍රීඩාවේ පිංතූරයට හානි කරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

එසේම අවසන් මහ තරගයට ක්‍රීඩා කළ තිලාන් සමරවීරද මෙහිදී සිය අදහස් දක්වමින් සඳහන් කරන්නේ එවකට ක්‍රීඩාව භාර හිටපු ප්‍රධානම පුද්ගලයා වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ පිළිබඳව අයි.සී.සී. පරීක්ෂණයක් සිදුකිරීමට කටයුතු නොකළේ මන්ද යන්නයි.

Read More

මැතිවරණයක් පවතින අවස්ථාවක සර්කස් ආරම්භ වී ඇති බවට පෙනෙන්ට ඇති බවත් මහේල සිය ට්විටර් ප්‍රකාශයෙන් සඳහන් කරයි.

Read More

මම අද කියනවා 2011 ලෝක කුසලානය වික්කා කියලා. මම අද ඉන්නවා එතන. මම ඒක වගකීමෙන් කියන්නේ. ඒකට තියෙනවා (සාක්ෂි). මම ඒක රටක් හැටියට හෙළි කරන්න කැමති නෑ. මම කියන්නේ 2011 ද 2012 ද මට අවුරුද්ද මතක නෑ අපිට ඉන්දියාවත් එක්ක ගහන්න තිබ්බ තරගය මම කියනවා අපි පාවාදීමක් කළා කියලා.

Read More

ස්පාඤ්ඤ ’ලා ලිගා’ පාපන්දු තරගාවලියේ පෙරේදා (16දා) පැවැති තරගයකින් ලෙගනේස් කණ්ඩායම පරාජය කරමින් ගෝල 2-0ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට බාසිලෝනා කණ්ඩායම සමත් විය. මෙම තරගය නොව් කැම්ප්හිදී පැවැත්විණි.

Read More

ජර්මනියේ පැවැත්වෙන ප්‍රමුඛතම ලීග් පාපන්දු තරගාවලිය වන බුන්ඩෙස් ලීගා තරගාවලියේ මෙවර ශූරතාව දිනාගැනීමට බයර්න් මියුනිච් කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග 29 වරක් මෙම ශූරතාවට හිමිකම් කියන බයර්න් මියුනිච් කණ්ඩායම, මෙවර එම ශූරතාවට හිමිකම් කීවේ අඛණ්ඩව 08 වැනි වරට වීමද විශේෂත්වයකි.

Read More

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ සේවකයන් 40ක් ඉවත් කර ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 40ක් ඉතිරි කර ගැනීමට පියවර ගෙන ඇත. මෙහිදී රැකියාව අහිමිවූවන් අතරට පිතිකරණ පුහුණුකරු එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක ග්‍රැහැම් හික්ද ඇතුළත් බව වාර්තා වේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ ව්‍යවස්ථාවෙන් තමාට හිමි විය යුතු තනතුරු දෙකක් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය පියවර ගෙන තිබේ.

Read More

අභියෝගය හා ත්‍රාසය එකට කැටි කරගත් කඳු තරණය ශ්‍රී ලංකාවේ එතරම් ජනප්‍රිය ක්‍රීඩාවක් නොවූවද ලෝක මට්ටමින් පවා එහි ශූරතාවන් පැවැත්වෙයි. මෙහි අභියෝගාත්මක බව නිසාම බොහෝ තරුණ පිරිස් මේ කරා යොමු වීම දැකිය හැකිය. නමුත් මෙහි ඇති භයානක බව නොදැන නිසි ආරක්ෂිත පියවර අනුගමනය නොකිරීම හේතුවෙන් සිය ජීවිතයෙන් පවා වන්දි ගෙවූවෝද බොහෝය. කඳු තරණයෙන් ලෝක මට්ටමේ දක්ෂතා පෙන්වූ ප්‍රංශ ජාතික ක්‍රීඩිකාවකටද පසුගියදා පුහුණුවීම් අතරතුරදී සිය ජීවිතය අහිමි වූයේ සමස්ත කඳු තරණ ක්‍රී

Read More

පාකිස්තාන කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය සඳහා නම් කළ සංචිතයට කලින් කලට පාකිස්තාන කණ්ඩායමේ දොරටු විවර කරගන්නා වහබ් රියාස්ද ඇතුළත්ව ඇති අතර, ඔහු කණ්ඩායමට එක්ව ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබූ මොහොතක වීම සුවිශේෂී වෙයි.

Read More

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්‍රිකට් විධායක නිලධාරී කෙවීන් රොබට් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සිය තනතුරින් ඉල්ලා අස්වී ඇත. ඔහු සිය කැමැත්තෙන්ම මෙලෙස තනතුරින් ඉල්ලා අස්වී ඇති අතර, ඒ සඳහා ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේද අනුමැතිය හිමිව තිබේ.

Read More

මෙම වසරේ විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලානය පැවැත්වීම යථාර්ථවාදී නොවන කටයුත්තක් බවත්, රටවල් දහසයක ක්‍රීඩකයන්, පුහුණුකරුවන්, නිලධාරීන් සහ ප්‍රේක්ෂකයන් ඔස්ට්‍රේලියාවට ඇතුළු කිරීම දුෂ්කර ක්‍රියාවක් බවත් ඔස්ට්‍රේලියා ක්‍රිකට් සභාපති අර්ල් එඩින්ග්ස් විදෙස් මාධ්‍ය වෙත පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.