ඇෆ්ගනිස්ථාන ජාතික කණ්ඩායමේ හිටපු කඩුළු රකින ක්‍රීඩක ෂෆිකුල්ලා ෂාෆික්ට වසර 6 ක තරග තහනමක් ලබා දීමට අන්තර්ජාතික ක්‍රිකට් ආයතනය (අයි.සී.සී) පියවර ගෙන ඇත. මෙහිදී ෂාෆික්ට චෝදනා 4 ක් එල්ලවී ඇත.
කෝවිඩ් -19 වසංගතය හේතුවෙන් අසරණ වූ ආජන්ටිනාවේ, බුවනෝස් අයර්ස් නගරයේ දුප්පත් වැසියන් වෙනුවෙන් ආධාර රැස් කිරීම උදෙසා හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනා පෙරට පැමිණ තිබේ.
Read Moreපන්දුව ඔප දැමීම වැළැක්වීම සම්බන්ධයෙන් නීති රීති සම්පාදනයට තමන් අකමැති බව ඔස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක පැට් කමින්ග්ස් පවසා සිටී. මේ පිළිබඳව විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම පවසා ඇත්තේ එය වේග පන්දුයවන්නෙකුට අත්‍යවශ්‍ය කාරණයක් බවයි.
Read Moreලෝක පාපන්දු සම්මේලනය (FIFA) මගින් මේ වනවිට පාපන්දු ක්‍රීඩාව සඳහා ආදේශ කර ඇති නව නීතිවලට දකුණු ඇමෙරිකානු පාපන්දු සංගමය විරෝධය දක්වා තිබේ.
Read Moreඑංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයන් දෙපොළක් වන බෙන් ස්ටෝක්ස් හා ස්ටුවර්ට් බ්‍රෝඩ් මේ දිනවල ක්‍රිකට් ක්‍රීඩාව අතහැර ෆෝමියුලා වන් මෝටර් රථ ධාවන තරගාවලියට එක් වී තිබේ. කෙසේ වෙතත් මොවුන් දෙදෙනා එක්වී ඇත්තේ සත්‍ය ෆෝමියුලා වන් තරගාවලියට නොව, ෆෝමියුලා වන් විසින්ම සංවිධානය කරනු ලබන අතාත්වික (Virtual) ෆෝමියුලා වන් තරගාවලිය සඳහාය.
Read Moreතමන් කළ වැරදි පිළිගැනීමට පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩක උමාර් අක්මාල් සූදානම් නැති බැවින් ඔහුගේ දඬුවම ස්ථිර වනු ඇති බව පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය (පී.සී.බී) ප්‍රකාශ කරයි. අදාළ දඬුවම සම්බන්ධයෙන් චෝදනා ඔප්පු වුවද සිය වරද පිළිගැනීමට ඔහුගේ කිසිදු සූදානමක් නොමැති වීම ඊට හේතුවයි.
Read Moreශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් මෙම සතිය තුළදී ආරම්භ කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, එය සාකච්ඡා මට්ටමේ පමණක් පවතින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසූයේය. මේ සම්බන්ධයෙන් ‘අද’ පුවත්පත වෙත අදහස් දක්වමින් හෙතෙම වැඩිදුරටත් පැවසූයේ පුහුණුවීම් ආරම්භ කිරීමට තවත් සති කිහිපයක් ගත වනු ඇති බවයි. මේ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන්ද සිල්වා මහතාද තහවුරු කළේය.
Read Moreඑම්.සී.සී. සභාපති ලෙස පත්වූ කුමාර් සංගක්කාර මහතාගේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට එම ක්‍රිකට් පාලනාධිකාරිය කටයුුතු කර තිබේ.
Read Moreමෙම ක්‍රීඩා විශ්වවිද්‍යාලය ක්‍රීඩාවට අදාල සියලු විෂය ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි ප්‍රායෝගික පුහුණු කටයුතු සඳහා අංගසම්පූර්ණ පහසුකම් සහිතව ඉදිකිරීමට පියවර ගන්නා බවත්, ඒ සඳහා අවශ්‍ය මග පෙන්වීම හා උපදෙස් ලබාදීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශය තුළ ක්‍රීඩා ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කරන ලද බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
Read Moreසුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා 3m N 95 වර්ගයේ උසස් තත්වයේ මුඛ ආවරණ , Bellose ලංකා පුද්ගලික ආයතනයේ සභාපති චතුර පෙරේරා මහතා කෙයාබෙලී හෑන්ඩ් සැනිටයිසර් සහ H H Co ආයතනයේ චින්තක සංජීව මහතා මුහුණු ආවරණ සහිත හෙල්මට් ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමය සාමාජිකයන්ට බෙදාදීම සඳහා අද දින ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමයට ලබා දුන්නේය.
Read Moreමේ වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් තරගාවලිය කොවිඩ් 19 හේතුවෙන් 2021 දක්වා කල් දැමී අතර එය එම වසරේ ජූලි 23 සිට සිට අගෝස්තු 8 දා තෙක් පැවැත්වීමට නියමිතය.
Read Moreබංග්ලාදේශ පිතිකරුවකු වන මුෂ්ෆිකුර් රහීම් 2013 දී ගාල්ලේ දී ශ්‍රී ලංකාවට එරෙහිව සිය පළමු ටෙස්ට් ද්විත්ව ශතකය රැස් කළ පිත්ත වෙන්දේසිය සඳහා යොමු කිරීමට තීරණය කර ඇත.
Read Moreලොව වඩාත්ම ජනප්‍රියත්වයට පත් පාපැදි සවාරිය ලෙසින් හැඳින්වන ප්‍රංශ පාපැදි සවාරිය එළඹෙන අගෝස්තු මාසයේදී පැවැත්වීමට සංවිධායකයින් තීරණය කොට ඇත. ඒ එය පැවැත්විමට නියමිතව තිබූ කාළ සීමාව මාස දෙකකින් පසුපසට දමමිනි. ඒ අනුව තරගාවලිය එළඹෙන අගෝස්තු 29 වැනිදා ආරම්භ වීමට මේ වන විට තීරණය කර ඇතත්, ලොව පුරා සෞඛ්‍ය තත්වය මත ඉදිරියේදී පාපැදි සවාරිය තීරණය කරගත් දිනට නිශ්චිතවම පවත්වනවාද නැද්ද යන්න තීරණය වනු ඇත.
Read Moreමෙවර අයි.පී.එල් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (බී.සී.සී.අයි) පියවර ගෙන ඇත. තරගාවලියට සහභාගි වන කණ්ඩායම් හා බී.සී.සී. අයි අතර අද (16දා) පැවැත්වූ සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන ඇත.
Read Moreලොව පුරා පැතිරීයන කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසයට බිලිවීමෙන් පාකිස්තාන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුත් ජීවීතක්ෂයට පත්වී ඇත. සෆර් සෆ්රාස් නැමති මෙම ක්‍රීඩකයා පාකිස්ථානය වෙනුවෙන් පළමු පෙළ තරග වලට සහභාගි වූ ක්‍රීඩකයෙකු වන අතර ඒ අනුව මෙම වසංගතයෙන් මියගිය පළමු පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයාද ඔහු වේ.
Read Moreඉතාලි පාපන්දු තරගවාරය නැවත ආරම්භවීමට ප්‍රථමයෙන් සියළුම ක්‍රීඩකයින් කෝවිඩ්-19 (නව කොරෝනා වෛරස) පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගන්නා බව ඉතාලි පාපන්දු සම්මේලනය පවසා සිටියි. ඉතාලියේ ප්‍රධානතම පාපන්දු තරගාවලිය වන ‘සෙරී ඒ’ පාපන්දු තරගාවලිය පසුගිය මාර්තු 9 වැනිදා දින නියමයක් නොමැතිව අත්හිටුවීමට එරට බළධාරීන් ක්‍රියා කළහ. ඒ නවකොරෝනා වෛරසය ඉතාලියේ පැතිරීයාමත් සමගිනි.
Read Moreද. අප්‍රිකානු සුපිරි ප්‍රහාරාත්මක පිතිකරු ඒ.බී. ඩිවිලියර්ස් යලිත් අන්තර් ජාතික ක්‍රිකට් පිටියට පැමිණීමේ බලාපොරොත්තු සුන් වන ආකාරයක් ඇති බව වාර්තා වේ.
Read Moreෆෝමියුලා වන් මෝටර් රථ ක්‍රීඩා පාලනාධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිළධාරි බර්නි එක්ලෙස්ටෝන් නැවත වරක් පිය පදවියට පත්වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
Read Moreපාකිස්ථානු හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ෂොයිබ් අක්තාර් සිය සමාජ මාධ්‍ය තුළ පලකළ වීඩියෝවක් හේතුවෙන් අර්බුදයකට මුහුණ පා ඇත. මෙම වීඩියෝවේ දැක්වෙන්නේ එරට වසාදමා (lockdown) ඇති මෙම කාළය තුළදී ෂොයිබ් බයිසිකලයක නැගී නගර සංචාරය කරන අයුරුය.
Read More(LONG READS)ලොවපුරා පැවැත්වීමට නියමිතව තිබූ බහුතරයක් ක්‍රීඩා තරග අවලංගු කෙරිණි. ඒ අතරට ක්‍රිකට්, පාපන්දු, ටෙනිස්, පැසිපන්දු, මලල ක්‍රීඩා මෙන්ම තවත් ජනප්‍රිය ක්‍රීඩා තරගාවලිද ඇතුළත්ය.
Read Moreදකුණු කොරියානු පාපන්දු ක්‍රීඩක සොන් හුන්ග්-මින් (Son Heung-min) හමුදා සේවයට ගොස් ඇතැයි ’ද සන්’ වෙබ් අඩවිය වාර්තා කරයි. එංගලන්තයේ පැවැත්වෙන ප්‍රධානතම පාපන්දු තරගාවලිය වන ඉන්ග්ලිෂ් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ටොට්න්හැම් හොට්ස්පර් (Tottenham Hotspur) ක්‍රීඩා සමාජයේ ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු ලෙසද කටයුතු කරන සොන් හුන්ග්-මින් දකුණු කොරියාවේ සති 03ක අනිවාර්ය හමුදා සේවයට මෙම මාසයේ දී වාර්තා කිරීමට සූදානමින් පසුවන බව වාර්තා වේ.
Read Moreවිම්බල්ඩන් ටෙනිස් තරගාවලිය අවලංගු කිරීමෙන් එහි සංවිධායකයින්ට ඇමරිකානු ඩොලර් මිලියන 141ක වන්දි මුදලක් හිමිවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය
Read Moreඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකා ලෝරා හැරිස් කොවිඩ්-19 වෛරසයට (කොරෝනා වෛරසය) එරෙහිව හෙදියක් වී ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය. ඒ එරට සෞඛ්‍ය සේවයේ හදිසි ප්‍රතිකාර ඒකකයේ (ICU) හෙදියෙක් ලෙසය.
Read Moreපැරගුවේ රාජ්‍යයට ව්‍යාජ ගමන් බලපත්‍රයකින් ඇතුළු වීමට තැත්කිරීමේ වරදට බන්ධනාගාර ගත කර සිටි බ්‍රසීලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩීනියෝ සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයාට ඇප ලබාදී අනතුරුව නිවාස අඩස්සියට පත් කර ඇති බව බීබීසීය පවසයි.
Read Moreකොවිඩ්-19 වෛරසයට (කොරෝනා වෛරසය) එරෙහිව පුණ්‍යාධාර එක් රැස් කිරීමට තරග 03කින් යුත් එක්දින තරගාවලියක් ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්විය යුතු යැයි පාකිස්තානු හිටපු සුපිරි වේගපන්දු යවන්නෙකු වන ෂොයිබ් අක්තාර් කළ යෝජනාවට ඉන්දියාවට ප්‍රථම වරට ක්‍රිකට් ලෝක කුසලානයක් දිනාදුන් නායක කපිල් දේව් දැඩි විරෝධයක් එල්ල කර තිබුණි.
Read More2018 සහ 2022 යන වසරවලදී පාපන්දු ලෝක කුසලාන සත්කාරකත්වය ලබාගැනීමට අල්ලස් ලබාදුන්නා යැයි එල්ල වන චෝදනා රුසියාව සහ කටාරය ප්‍රතික්ෂේප කර සිටියි.
Read Moreකොරෝනා රෝගය මැඩලීමට ආධාර එකතු කිරීම සඳා එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ජොස් බට්ලර් විසින් වෙන්දේසි කළ ඔහුගේ ක්‍රීඩා ජර්සිය ස්ටර්ලින් පවුම් හැටපන්දහස් එකසීයක (රුපියල් පහලොස් ලක්ෂ හැටඑක්දහසක) මුදලකට අලෙවි වී ඇත.
Read Moreදකුණු අප්‍රිකානු හිටපු තුන් ඉරියව් ක්‍රීඩිකා දිනේෂා දේවනරේන් දකුණු අප්‍රිකානු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාරිත්වයට පත් කර තිබේ. මීට අමතරව ඇයව එරට කාන්තා ක්‍රිකට් ජාතික ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරු ලෙසදා පත් කර තිබේ.
Read Moreකොවිඩ්-19 වෛරසයේ (කොරෝනා වෛරසය) ව්‍යාප්තිය හේතුවෙන් ලොව පුරා ජනප්‍රිය අත්‍යන්ත සටන් තරගාවලි ( UFC) පෞද්ගලික දූපතක පැවැත්වීමට සැලසුම් කර ඇතැයි ලෝක අත්‍යන්ත සටන් තරගාවලියේ සභාපති ඩැනා වයිට් පවසයි.
Read Moreබ්‍රිතාන්‍ය ටෙනිස් සංගමය හෙවත් ලෝන් ටෙනිස් සංගමය එරට පුහුණුකරුවන්, නිලධාරීන් සහ ක්‍රීඩකයින් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 20ක ආධාර පැකේජයක් හඳුන්වාදීමට සැලසුම් කර තිබේ.
Read More