අපි ළමයින්ගේ හිත් තුළට දාන්නේ මොනවද කියන දේ ගැන විශේෂයෙන්ම ප්‍රවේසම් විය යුතු යුගයක් නිර්මාණය වි ඇති බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
සමස්ත ලංකා දහම් පාසල් සිසු ජාතික මහෝත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අගමැතිවරයා,
"විදේශීය මුදල්වලින් පවත්වාගෙන යන රාජ්‍ය නොවන සංවිධාන අපේ අධ්‍යාපන ක්‍රමයට බොහොම සියුම් විදියට මැදිහත් වෙලා තියනවා. මේ රටේ ප්‍රධාන පෙලේ විද්වත් භික්ෂූන් වහන්සේලා පාසල් ළමුන්ට බෙදා දෙන පොත්වල මුළු ළමා පරපුරේම හිත් විකෘති කරන ආකාරයේ දේවල් ඇතුළත් කරල තියෙන හැටි විස්තර කරනවා මම අහගෙන හිටියා. ඒකත් එක්කම ගිහි සංවිධාන පෙන්වලා දුන්නා සමහර අච්චු පොත්වල උතුරු නැගෙනහිර පළාත් දෙක එක පළාතක් වගේ පෙන්වලා තියෙන බව. සිංහල අලුත් අවුරුද්දත් සමහර පොත්වලින් හලලා.
අපි කවුරුත් තේරුම් ගන්න ඕන මේ රට බෙදන්න, සිංහල බෞද්ධ ජනතාව විනාශ කරන්න, සිංහල, දෙමළ, ක්‍රිස්තියානි, හින්දු සියලු දෙනාගේම පවුල් සංස්ථා බිඳ දමන්න, ළමුන් හා දෙමාපියන් අතර, ළමුන් සහ ගුරුවරුන් අතර, ළමුන් හා ආගම් අතර, සම්බන්ධතා බිඳ දමන්න, ඉතාමත් බලගතු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒ ගොල්ලෝ මේ අරමුණු ඉටුකරගන්න වැඩසටහන් පටන්ගන්නේ පාසල්වල බාලාංශයේ ඉඳලා. එතකොට අවුරුදු කිහිපයක් ගත වුනාම කවුරුවත් දන්නෙ නැතුවම සිංහල මිනිසුන්ගෙ හිත් ඉබේම වෙනස්වෙලා. පාසල්වල භාවිතාවන පෙළ පොත්වලින් ළමුන්ගේ හිත් තුලට දාන මතවාදය ගැන කඩිනමින්ම විමර්ශනයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
මහා සංඝරත්නයේ මඟ පෙන්වීම යටතේ, මේ රටේ දහම්පාසල් අධ්‍යාපනයට ළමුන් සහ තරුණයන් වැඩි වැඩියෙන් ආකර්ශනය කරගැනීමට වැඩපිළිවෙලක් යොදන්න අපි බලාපොරොත්තු වෙනවා. සිද්ධ වෙන්න ඕන දේ තමයි ළමා සහ තරුණ පරපුර පන්සල, ජාතිකත්වය, අපේකම සොයාගෙන යන එක. ඒ අරමුණ ඉටුකරගන්න කාලයත් එක්ක අපේ ප්රවේසය වෙනස් වෙන්න ඕන කියල මම විශ්වාස කරනවා. දහම් පාසල් ගුරුවරුන් ස්වේච්ඡාවෙන් කරන මෙහෙවර නිසිලෙස ඇගයීමට වැඩපිළිවෙලක් තියෙන්නත් ඕන. ඔවුන්ගේ කැපවීමෙන් තමයි මේවා පවත්වාගෙන යන්න පුලුවන් වෙලා තියෙන්නෙ. ඒ වගේම දුෂ්කර පළාත්වල දහම් පාසල් පවත්වාගෙන යන්නත් වෙනම වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා.
අද මේ රටේ දහම් පාසල්වල ඉගෙනගන්නේ, සිංහල බෞද්ධ ජාතික අනන්න්‍යතාවය ඉදිරියට ගෙනයන්න ඉන්න පරම්පරාවයි. අපි පහුගිය අවුරුදු කිහිපය තුළ දැක්ක,බෞද්ධ ගිහියන්ගෙන් සැලකිය යුතු පිරිසක් පන්සලෙන් ඈත්වීම නිසා, ධර්මයෙන් ඈත්වීමනිසා, මහා සංඝරත්නයෙන් ඈතිවීමනිසා, මේ රටට සිද්ධ වුණු විනාශය. බෞද්ධයන් විසින්ම බෞද්ධකමට ගරහන එක, සිංහලකමට ගරහන එක ‘ස්ටයිල්’ එකක් බවට පත්වුනා. සිංහලඡන්දවලින් බලයට පත්වෙන දේශපාලඥයන් පවා සිංහල බෞද්ධයන්ට, මහා සංඝරත්නයට ප්‍රසිද්ධියේ අවමන් කලා" යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.