ළමුන් සම්බන්ධ අසභ්‍ය දර්ශන ඇතුළත් ඡායාරූප සහ විඩියෝ අන්තර්ජලයට මුදාහැරිමේ සිදුවිම් 18,000කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
පසුගිය ජූනි මාසයේ 17 සිට මේ මස 27 වන දා දක්වා මෙම සිදුවීම් වාර්තා වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේය. මේවා අන්තර්ජාලයට මුදාහරින පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා නව දත්ත පද්ධතියක් ස්ථාපිත කර ඇති බවත් ඒ මඟින් අදාළ විඩියෝව අන්තර්ජාලයට මුදා හැරිය දුරකථනය හො පරිගණකය IP ලිපිනය සමඟ හඳුනා ගැනීමේ හැකියාව පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කර සිටියේය.