මාතලේ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ළමා නිවාසයක පරිවාස භාරයේ සිටි බාල වයස්කාර සිසුන් තිදෙනෙකු එහි තාප්පයෙන් පැන පළා යමින් සිටියදී වාහනයක ගමන් ගත් අයෙකුට හමුවී කටුගස්තොට පොලිසිය වෙත අද 04 භාර දෙනු ලැබ තිබේ.
මාතලේ පිහිටි මෙම ළමා නිවාසය අධිකරණයෙන් සහ පරිවාස ළමාරක්ෂක දෙපාර්තමේන්තුව මගින් පරිවාස භරයට පත් කරනු ලබන දරුවන් රැක බලා ගන්නා ළමා නිවාසයක් වෙයි.
මෙම ළමා නිවාසයේ නේවාසිකව සිටි වයස අවුරුදු 12, 13 සහ 16 යන වයස්වල පසුවන සිසුන් තිදෙනෙකු රාත්‍රියේ ළමා නිවාසයේ තාප්පයෙන් පලා ඇවිත් ඇති අතර අලවතුගොඩ ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් වාහනයකට අත දමා නවත්වා එම වාහනයට නැග තිබේ. පසුව එම වාහනයේ හිමිකරු මෙම දරුවන් සම්බන්ධයෙන් විමසා බැලීමේදී ඔවුන් ළමා නිවාසයකින් පලා යන බව දැන කටුගස්තොට පොලීසිය වෙත භාර දෙනු ලැබ තිබේ.
ඉන් අනතුරුව ළමා නිවාසයේ භාරකාර පියතුමෙකුද කැඳවා පොලිසිය මගින් විමර්ශනයක් සිදු කරනු ලැබූ අතර සිසුන් ප්‍රකාශ කරන්නේ මෙම ළමා නිවාසය තුලට පිටත සිට ඇතැම් පිරිස් විවිධ වර්ගයේ මත ද්‍රව්‍ය වීසි කරන බවත් වැඩිමහල් පිරිස් පහර දීම්ද සිදු කරන බවත් එම නිසා පලා යාමට තීරණය කළ බවත්ය.
කෙසේ නමුත් මෙම සිසුන් තිදෙනා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.