වවුනියාව කොක්එළිය ප්රදේශයේ අවුරුදු 18ක් වයැසැති උසස් පෙළ හදාරන සිසුවියක් ඊයේ (29) රාත්රියේ ළිඳට වැටී දියේ ගිලීමෙන් මිය ගොස් ඇති බවට වවුනියාව පොලීසිය පවසයි.
අදාළ සිසුවිය ඊයේ රාත්රි 7ට පමණ ගෙවත්තේ පිහිටි ළිඳට ගොස් ඇති අතර එහිදි සිසුවිය එකවරම කෑගසමින් ළිඳට වැටීමෙන් පසුව නිවැසියන් හා ප්රදේශවාසීන් විසින් එම අවස්ථාවේදීම සිසුවිය ළිඳෙන් ගොඩට ගෙන වවුනියාව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.
සිසුවිය ළිඳ ළඟට යාමෙන් පසුව ළිදේ වතුර ගැනීමට ගත් උත්සාහයකදී සිසුවියගේ පය ලිස්සා ළිඳට වැටී ඇති බවට ප්රදේශවාසීන් පැවසූ අතර ළිඳට වැටීමෙන් මිය ගොස් ඇත්තේ අවුරුදු 18 ක් වයසැති ත්රීලක්ෂණා ප්රියා නැමති සිසුවියක් වන අතර සිසුවියගේ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සඳහා මළ සිරුර මේ වන විට වවුනියාව මහරෝහලේ තැන්පත් කොට ඇති බවට පරික්ෂණ සිදු කරන වවුනියාව පොලීසිය වැඩිදුරටත් පැවසීය.