හිටපු නාවික හමුදාපති අත්අඩංගුවට ගැනිමට යයි
තරුණයින් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාරගතව සිටින නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් ‘නේවි සම්පත්’ට සැඟවී සිටීමට උපකාර කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වෙයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න දැනුම් දුන්නේ තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කිරීමට අදාළ නඩුව අද අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව පැවැසීය.
නඩුව නැවතත් ලබන මස 12 දැක්වූ කල්දැමූ අධිකරණ සැකකාර චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි මහතාද නැවත එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
popular news
-
Bandula. Wednesday, 29 August 2018 04:18 PM
අනේ මන්ද දැන් මේ මොනවද වෙන්නේ? නිතිය රකින ගොල්ලොම ඒවා කඩනවද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

