හිටපු ජනපති කාර්යමණ්ඩල ප්රධානි හා දැව සංස්ථා සභාපතිට බරපතල වැඩ සහිත දඬුවම්
රුපියල් මිලියන 20 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු කළ හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී ආචාර්ය අවි.එච්. කුසුමදාස මහනාම සහ රාජ්ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන මහත්වරුන්ට කොළඹ ත්රිපුද්ගල ස්ථිර මහාධිකරණය විසින් වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
ඒ අනුව විත්තිකාර මහනාම මහතාට බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු මඬුල්ල ඔහුට රුපියල් 65,000 ක දඩයක් ද නියම කළ තිබේ.
ඊට අමතරව විත්තිකාර මහනාම විසින් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් කෝටි 2 ක මුදල දණ්ඩනයක් වශයෙන් ගෙවිය යුතු බවටද නියෝගයේ සඳහන් සඳහන් වුණි.
නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර තිබු පියදාස දිසානායක මහතාට ද බරපතළ වැඩ සහිත වසර 12ක සිර දඬුවම් නියම කළ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල ඔහුට රුපියල් 55,000ක දඩයක් ද නියම කරනු ලැබුවේය.

popular news
-
Gamarala Thursday, 19 December 2019 02:08 PM
Will appeal and will go home?
Reply : 0 0
vipula Friday, 20 December 2019 12:50 PM
මෙම සිද්දිය පසුපස හිටපු තවත් ඉහල බලගතු පුද්ගලයන සම්බන්ද බව එකල මතයක් තිබුන. එම නිසා යලි එය සොයා බැලීම අවශයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

