හෙරොයින් ග්රෑම් 3.47 ක් ළඟ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වු බොරැල්ල ප්රදේශයේ පදිංචිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඩුවමක් අද (21) නියම කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට ජීවීතාන්තය දක්වා වු බරපතළ වැඩ සහිත සිරදඩුවමක් නියම කළේය.
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඩුවම් නියම වුයේ බොරැල්ල ප්රදේශයේ පදිංචි අරුණ ශාන්ත පතිනායක නමැත්තාටය.
2012 අගොස්තු මස 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයක බොරැල්ල ප්රදේශයේදී හෙරොයින් ග්රෑම් 3.47 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක ඒ. මධුර මහතාට ලැබුණු තොරතුරකට අනුව බොරැල්ල ප්රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ලඟ තබාගෙන, ජාවාරම් කිරීමේ යෙදී සිටි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව හෙළි විය.
විත්තිකරුට එරෙහිව නඟා ඇති සියළු චෝදනාවන් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇති හෙයින් එම චෝදනාවන්ට ඔහු වරදකරු බව තීරණය කළ විනිසුරුවරයා ඔහුට ජීවීතාන්තය දක්වා වු බරපතළ වැඩ සහිත සිරදඩුවමක් නියම කළේය.