නාවික හමුදාව සහ පොලීසිය එක්ව ඊයේ (28) දින ත්‍රිකුණාමලය, චීන වරාය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මත්ද්‍රව්‍ය මැඩලිම වෙනුවෙන් නාවික හමුදාව සහ පොලීසිය එක්ව සිදු කරනු ලබන මෙහෙයුමක් අතරතුරදි ත්‍රිකුණාමලය, චීන වරාය ප්‍රදේශයේ ගමන්ගත් සැක කටයුතු ත්‍රීරෝද රථයක් නිරීක්ෂණය කර ඇති අතර, එහිදි එම ත්‍රිරෝද රථය පරික්ෂාවට ලක් කිරීමේදී ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයින් ළඟ තිබි හෙරොයින් ග්‍රෑම් 4 ක් පමණ සොයා ගැනිමට සමත්ව ඇත.
තවද, සිදු කළ වැඩිදුර විමර්ශනයේදී මෙම සැකකරුවන් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව කරුණු අනාවරණය කරගෙන ඇති අතර, එම සැකකරුවන් අවුරුදු 28 සහ 30 වන වියෙහි පසුවන ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.
එම සැකකරුවන්, ත්‍රිරෝද රථය සහ හෙරොයින් ප්‍රමාණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු උප්පුවේලි පොලීසිය විසින් සිදු කරනු ලබයි. තවද, ඉදිරියේදිද මෙවැනි මෙහෙයුම් ක්‍රියාත්මක කර මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරිමේ කාර්යය සඳහා දායකත්වය ලබා දීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටි.