පානදුර දකුණ පොලිසිය මගින් හෙරොයින් සන්තකව සිටි කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ හෙරොයින් ග්රැම් 14 යි මිලිග්රෑම් 700 ක් සමගයි.
අදාළ කාන්තාවන් මොරටුව, මුරවත්ත ප්රදේශයේ පදිංචිකරුවන් බවයි අනාවරණ වී ඇත්තේ. සැකකාර කාන්තාවන් සතුව තිබී ජංගම දුරකථන කිහිපයක් ද පොලිස් බාරයට ගෙන තිබෙනවා.
වැටලීම සිදු කරන අවස්ථාවේ අදාළ කාන්තාවන්ට මත්කුඩු ලබාදෙන සැකකරු පැනගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.