කොවිඩ් 19 වසංගත ආසාදිත හොරණ මූලික රෝහලේ හෙදියන් දෙදෙනා සමග සමීපව කටයුතු කල බවට හඳුනාගෙන පි සී ආර් පරීක්ෂණ සිදු කළ පළමු පෙළ ආශ්‍රිතයන් 41 දෙනාට කිසිදු රෝග ලක්ෂණයක් නොමැති බවට වෛද්‍ය වාර්තා වලින් සනාත වී ඇතැයි හොරණ මූලික රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අධිකාරි අයන්ති ජයවර්ධන මහත්මිය පැවසුවාය .
පි සි ආර් පරීක්ෂණ සිදු කළ දෙවන පෙළ ආශ්‍රිතයන් 110 පමණ වාර්තා 11 දින ලැබීමට නියමිතව ඇතැයි වෛද්‍ය අධ්‍යක්ෂකවරිය කීය.
ශ්වසන රෝග ආදී රෝග ලක්ෂණ පහළ කරන ළමුන් සඳහා සඳහා මේ වන විටත් අංක 1 වාට්ටුව වෙන් කර ඇතැයි ද , පි සි ආර් පරීක්ෂණවලට භාජන කර තිබෙන දෙවැනි පෙළ ආශ්‍රිතයන් 110 වෙනුවෙන් ලැබෙන වෛද්‍ය වාර්තා අනුව දැනට තාවකාලිකව වසා දමා තිබෙන අංක 5 හා 9 වාට්ටු දෙක වෙන් කිරීමට නියමිත බවත් අධ්‍යක්ෂකවරිය කීය
අදාළ වසංගත රෝගී තත්ත්ව හේතුවෙන් සියලුම තීන්දු තීරණ ගනු ලබන්නේ ක්ෂුද්‍ර ජීවී විශේෂඥ වෛද්‍යවරයකු ,,ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරයකු ,ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා සහ හොරණ මූලික රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමකින් සමන්විත කමිටුවක් මගින් බව වෛද්‍ය අධ්‍යක්ෂකවරිය වැඩිදුරටත් පැවසුවාය