පසුගිය සති අන්තයේ දිවයිනේ විවිධ ප්රදේශවල සිට පාසල් ළමුන් ඇතුලු දේශීය සංචාරකයන් රැගෙන නුවරඑළිය පැමිණි පෞද්ගලික බස් රථ 6කට එරෙහිව නොතිසි නිකුත් කිරිමට පියවර ගත් බව නුවරඑළිය පොලිස් කොට්ඨාශ රථවාහන අංශයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක රෝෂන් කුරේ මහතා පැවසීය.
මෝටර් රථ ආඥා පනතට පටහැනිව ක්රියාත්මක කරමින් බස් රථයේ මුල් ආකෘතිය වෙනස් වන ආකාරයට බස් රථවල අනත්රාදායක ලෙස අමතර උපාංග සවි කිරිම ඇතුලු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එම බස් රථ අයිතිකරුවන් පදිංචි දිස්ත්රික්කයේ මෝටර් රථ පරික්ෂකවරයා වෙත බස් රථය පරික්ෂාවකට යොමු කර එහි වාර්ථාවක් තම රථවාහන අංශය වෙත ඉදිරිපත් කරන ලෙස එම බස් රථවල රියදුරන්ට උපදෙස් ලබා දුන් බවයි රෝෂන් කුරේ මහතා කියා සිටියේ.
