හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුළට ගිණි දැල්වීමේ උපකරණ රැගෙන ගොස් භාවිතා කිරීමේ චෝදනාවට වරද පිළිගත් දෙදෙනෙකු හට එක් අයෙකුට රුපියල් තිස්පන් දහස බැගින් රුපියල් හැත්තෑදහසක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා ඊයේ (14) නියෝග කළේය.
මෙසේ දඩ නියම වුයේ උකුවෙල හා මාතලේ යන ප්‍රදේශවල පදිංචි එස්. එම්. අසංක බණ්ඩාර සහ ආර්. එම්.සංජීව කුමාර යන අයවලුන්ටය.
හෝර්ටන්තැන්න වනෝද්‍යානය ඇතුළත පිහිටි තෘණ භූමියක් තුළදී මොවුන් දෙදෙනා ගිණි දැල්වීමේ උපකරණ භාවිතා කොට තිබු බව හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය භාරකරු පී.කේ. පී. එම්.ප්‍රදීප් කුමාර මහතා විසින් අධිකරණය හමුවේ කරුණු දක්වන ලදි.