හොර්ටන් තැන්න ජාතික වනඋද්‍යානය තුළ වෙසෙන කුරුමිණි විශේෂයක් අල්ලා රැගෙන යාමට උත්සාහ කල චින ජාතිකයන් දෙදෙනෙකු අද (18) උදැසන සැකපිට අත්අඩංගුවට ගත් බව හොර්ටන් තැන්න ජාතික වනඋද්‍යානයේ උද්‍යාන භාරකරු පි.කේ.පි.එන් ප්‍රදිප් කුමාර මහතා පැවසිය.
මෙම චින ජාතිකයන් දෙදෙනා හොර්ටන් තැන්න ජාතික වනඋද්‍යානය සංචාරයක් සඳහා අද පැමිණ මෙම කුරුමිණි විශේෂය අල්ලා රැගෙන යාමට උත්සාහ කරන බවට ලද තොරතුරක් මත මෙම වැටලිම සිදු කල බවයි ප්‍රදිප්කුමාර මහතා කියා සිටියේ.
එම චින ජාතිකයන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවත්, එම චින ජාතිකයන් දෙදෙනා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි ප්‍රදිප් කුමාර මහතා කියා සිටියේ.
මෙම චින ජාතිකයින් දෙදෙනා සන්තකයේ කුරුමිණි විශේෂ 13ක් අල්ලා විශේෂ ආහාරයක් පිළියෙල කිරි සඳහා සිය බැගය තුළ සගවාගෙන රැගෙන යන බවට එම චින ජාතිකයින් දෙදෙනා විසින් වනජිවි නිලධාරින්ට ප්‍රකාශයක්ද දුන් බව ප්‍රදිප් කුමාර මහතා පැවසිය.
හොර්ටන් තැන්න ජාතික වනඋද්‍යානය තුළ විශේෂ ආරක්ෂිත වැඩ පිළිවෙලක්ද දියත් කර ඇති බව ද ප්‍රදිප් කුමාර මහතා පැවසිය.