හම්බන්තොට තෙල් පිරිපදුවට ගිවිසුම එන්නත් තවත් වසරක්
හම්බන්තොට ඉදිකිරීමට යැයි යෝජිත පවසන තෙල් පිරිපහදුව සඳහා ගිවිසුම සකස් කිරිමටත් තවත් වසරක්වත් ගතවනු ඇතැයි එහි ප්‍රධාන ආයෝජකයා වන ඉන්දියාවේ එකෝර්ඩ් සමූහය සඳහන් කරයි.
මෙම ව්‍යාපෘතියේ ශඛ්‍යතා අධ්‍යනය සඳහා අවශ්‍ය පිරිස් තවමත් බඳවා ගැනීමට නියමිත බවත් එම සමාගම රොයිටර්ස් පුවත් සේවයට පවසා තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතගේ 70 වැනි උපන්දිනයට සමගාමීව මෙම තෙල් පිරිපහදුව සඳහා පසුගිය සතියේදි මුල් ගල් තැබීය.
මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම සෘජු විදේශ ආයෝජනය බව ශ්‍රී ලංකා රජය නිවේදය කළේය.
එකෝර්ඩ් සමාගමේ සභාපති මෙන්ම හිටපු ඉන්දීය අමාත්‍යවරයෙක් මෙන්ම එස්. ජගත්රාක්ෂකන් පවසා ඇත්තේ මේ සඳහා වන මූලික යෝජනාවක් ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කර ඇති බවයි.
මෙම ව්‍යාපෘතිය සඳහා කොටස්කරුවන් පිළිබඳවත් තවම එකඟතාවකට පැමිණ නොමැති බව සඳහන් කරයි.

popular news
-
Missaka Friday, 29 March 2019 12:40 PM
ඇයි, මෙහෙමත් මහජනතාව අන්දන්ඩ හදන්නේ, රටේ මිනිස්සු මෝඩයෝ කියල තමා හැම කටයුත්තක්ම කරන්නේ. බොරුව අහල අහල මිනිසුන්ට දැන් එපාවෙලා තියෙන්නේ.
Reply : 0 11
liyanage Friday, 29 March 2019 03:53 PM
මුන්ට දැන් බොරු කියන එක සාමාන්‍ය දෙයක් වෙලා.මිනිස්සු රවට්ටන අමන හැත්ත
Reply : 0 0
Champa Friday, 29 March 2019 06:35 PM
ආයෝජන නෙමෙයි හම්බන්තොට ඉඩම් විකුණන්න ගහපු හොර ගේමක්. හොඳයි වැඩේ රටේ අගැමති උපන්දින සමරන්නේ ආණ්ඩුවේ ඉඩම් ටික විකුණා විකුණා. මේ බොරු උත්සවයට කීයක් වියදම් කලාද? ඒ සියලු මුදල් අගමැතිගේ වැටුපෙන් අඩු කරන්න ඕනේ. එයාට උපන් දින සමරන්න රජයේ මුදල් වැය කරපු එක වැරදියි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

