පරිසරයට හානිකර පොලිතින් ආශ්රිත නිෂ්පාදන වර්ග අටක් තහනම් කිරීමට ලබන සතියේ දී කැබිනට් අනුමැතිය ලබා ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
කොළඹ අගනගරය ආශ්රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නාගල ගම්වීදිය ජල පොම්පාගාරයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සදහා අද පැමිණි අවස්ථාවේ දි ඒ මහතා මේ බව කියා සිටියේ.
මේ වනවිටත් පොලිතින් ආශ්රිත නිෂ්පාදන හයක් තහනම් කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.