හදිසියේ අසනීප වූ බව පවසා පානදුර මූලික රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි දෙදරු පියාගේ මරණය ගෙල සිරකර සිදුවූ ඝාතනයක් බවට පානදුර මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය උත්පල ආටිගල මහතා සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව තහවුරු වූ බව මොරන්තුඩුව පොලිසිය කියයි .
අදාළ ඝාතනය සම්බන්ධයෙන් එම නිවසේ තාවකාලිකව පදිංචිව සිටින තිස් හැවිරිදි පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
මෙලෙස ඝාතනයට ලක්ව තිබුනේ වාද්දුව දෙල්දූව රන්මුතු උයන පදිංචිව සිටි ගුරුගේ ලලිත් පෙරේරා (39 ) දෙදරු පියෙකි
ඝාතනයට ලක් වූ පුද්ගලයා පෙරේදා5 අළුයම 2.00 ට පමණ හදිසියේ අසනීප මේ බව පවසා
ඔහුගේ බිරිඳ ,නිවසේ තාවකාලිකව පදිංචිව සිටි සැකකරු හා අසල්වාසීන් පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබූ අතර ඒ වනවිටත් ඔහු මියගොස් තිබී ඇතැයි පොලිසිය කියයි
අදාළ මරණය සාමාන්‍ය මරණයක් සේ සලකා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා අධිකරණ වෛද්‍යවරයා මළ සිරුර පරික්ෂා කිරීමේදී ගෙලෙහි සීරීම් ,හිසෙහි හා අත් පා වල සීරීම් තුවාල දක්නට ලැබීම හේතුවෙන් ඒ සඳහා මහේස්ත්‍රාත් නියෝගයක් අවශ්‍ය බවට දැනුම් දුන් බව පොලිසිය කියයි
ඒ අනුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව වැඩබලන මහේස්ත්‍රාත් සුනේත්‍රා ප්‍රනාන්දු මහත්මිය 5, පඬුරු මූලික රෝහලේ මෘත ශරීරාගාරය වෙතපැමිණ සිරුර පරීක්ෂාකර පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා අධිකරණයට එහි වාර්තාව ඉදිරිපත් කරන ලෙස නියෝග කළ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
එම නියෝගය අනුව 6 පානදුර මූලික රෝහලේදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඝාතනයක් බවට අනාවරණය වූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පවසයි .
මෙම ඝාතනය කිසියම් අයෙකුගේ අවශ්‍යතාවය මත සිදුවූවක්ද යන්න පැති කිහිපයක් ඔස්සේ පරීක්ෂණ පවත්වන බවත් පොලිසිය කියයි
බිමල් ශ්‍යාමන් ජයසිංහ