මේ අවස්ථාවේදී හදිසි විදුලිය මිලදි ගැනීමක් අවශ්‍ය නොවන බවත් එක් දිනකට විදුලි පහන් දෙකක්වත් නිවා දමා විදුලි සංරක්ෂණයට එකතු වෙන ලෙසත් විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (30දා) ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ඇතුල්කෝට්ටේ පද්ධති පාලන ඒකකයේ වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා පැවති විශේෂ චාරිකාවකට එක්වෙමිනි.
“පවතින කාලගුණික තත්ත්වයත් සමග වර්ෂාව නොමැති නිසා අපි හිතුවේ විදුලි ඉල්ලුමත් සැපයුම්ත් අතර ගැටළුවක් ඇති වේවි කියලා. මීට ඉහතදී සිද්ධ වුනේ, අවසන් සතියේ ගිහින් හදිසි විදුලි මිලදී ගැනීම් සිදුකිරීමයි. නමුත් අපි සැලසුම් කළේ මාසයකටවත් පෙර මෙම තත්ත්තවයට සූදානම් වුණොත්, එම මිලදී ගැනීම පූර්ණ විනිවිදභාවයක් ඇතිව සිදුකිරීමටයි.
මම ජනතාවගෙන් ඉල්ලන්නේ, එක් දිනකට විදුලි පහන් දෙකක්වත් නිවා දමලා, විදුලි සංරක්ෂණයට එකතු වෙන්න කියලා. ඒකෙන් අපිට වර්ෂයකට මෙගාවොට් 100 ක් පමණ ඉතිරි කරගන්න හැකිවේවි. එහෙම කළොත් අපිට කිසිසේත්ම මේ හදිසි විදුලිය මිලදී ගැනීමකට යන්න වෙන්නේ නැහැ. කොහොමටත් මේ අවස්ථාවේදී අපට හදිසි විදුලිය මිලදිගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ”