මොරවක ඊයේ (04දා) රාත්රියේ සිදුවූ හදිසි මරණයක් හේතුවෙන් ප්ර දේශවාසීන් නොසන්සුන්ව හැසිරී ඇති බව පොලීසය පවසයි. කෙසේ වෙතත් පොලීසිය පසුව ඔවුන්ට කරුණු අවබෝධ කිරීමෙන් පසුව පිරිස විසිර ගොස් තිබේ.
පුද්ගලයෙකුට පහරදිමට පිරිසක් රැදී සිටින බවට පොලිස් 119 අංකයට ලැබුණ දුරකතන ඇමතුමක් විමර්ශනය කිරීමට පොලිස් නිලධාරීන් අදාළ ස්ථානයට ගිය අවස්ථාවේදී එහි සිටි එක් පුද්ගලයෙක් සිහිසුන්ව වැටී ඇති අතර පසුව ඔහු රෝහල් ගත කිරීමේදී මිය ගොස් තිබේ.
ඉන් අනතුරුව මෙසේ පිරිස නොසන්සුන්ව හැසිරී තිබේ. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 55ක් වන පුද්ගලයෙකි.