“හැදෙන රටට - වැඩෙන ගසක්” තේමාව කර ගනිමින් ගස් දස ලක්ෂයක් සිටුවිමේ ජාතික රුක් රෝපණ වැඩසටහන සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද අද (01) පෙරවරුවේ එක් විය.
මිරිහානේ සිය පෞද්ගලික නිල නිවාස පරිශ්‍රයේ පැලයක් රෝපණය කළ ජනාධිපතිතුමා අද දීප ව්‍යාප්තව ආරම්භ වූ වැඩසටහනට සිය සුබපැතුම් එක් කළේය.
ශ්‍රී ලංකාව සතු 29% ක් වූ වන ගහනය ඉදිරි පස් වසර තුළ 32% දක්වා වැඩිකිරිමේ ජනාධිපති රාජපක්ෂ මහතාගේ පරිසර ප්‍රතිපත්තියට සමගාමීව රට පුරා වසරකට ගස් දස ලක්ෂයක් සිටුවිමේ ජාතික රුක් රෝපණ වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.