රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මගින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද (27) ගාල්ල කරාපිටිය රෝහලේ දෛනික කටයුතු අඩාලව පැවතිනි.
ගාල්ල කරාපිටිය රෝහලේ හෙද හෙදියන් ගෙන් කොටසක් සේවා කටයුතු සඳහා ඊයේත් වාර්තා කර තිබූ අතර තවත් පිරිසක් වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය පලකරමින් සේවයට පැමිණ තිබුනේ නැත.
මේ සම්බන්ධයෙන් ගාල්ල කරාපිටිය රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතාගෙන් අප කල විමසුමකදී පැවසුවේ අද උදෑසන අටට ආරම්භ වූ සේවා මුරය සඳහා හෙද නිලධාරීන් පන්සියයක් පමණ වාර්තා කල යුතු වුවත් සේවය අද දිනයේ වාර්තා කර තිබුනේ හෙද හෙදියන් දෙසීය පනහක පමණ ප්රමාණයකි.
කෙසේ වෙතත් අත්‍යාවශ්‍ය සේවාවන් හදිසි ප්‍රතිතාර සේවාවන් ගැටලුවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවද රෝහල් අධ්යක්ෂවරයා සඳහන් කළේය.
ජිනේෂ් නානායක්කාර