ආන්දෝලනයකට ලක්ව ඇති හතේ අපේ පොත නැමැති ග්‍රන්ථය පිළිබද අවසන් තීරණයක් ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාත් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියත් කැඳවා පාර්ලිමේන්තුවේදී ජනවාරි 21 වැනිදා විශේෂ රැස්වීමක් පැවැත්වීමට පාර්ලිමේන්තුවේ අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධනය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව සහ කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව ඊයේ තීරණය කළේය.
පාර්ලිමේනතුවේදී ඊයේ පැවති මෙම කමිටුවල ඒකාබද්ධ රැස්වීමට මහා සංඝරත්නය විශේෂඥ වෛද්‍යවරුන් ,විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් අධ්‍යාපනඥයන් ,ජාතික ළමාරක්ෂක අධිකාරියේ නිලධාරීන්,අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වු විද්වතුන් බොහෝ දෙනෙක් ළමා වියේදීම නවයොවුන් දරුවන්ට ලිංගික අධ්‍යාපනයක් ලබා දිය යුතු බව පෙන්වා දුන් අතර මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විශ්ව විද්‍යාල විසින් සිදු කළ සමීක්ෂණ රැසක තොරතුරු ද ඉදිරිපත් කරන ලදී.
ඒඅනුව හතේ අපේ පොත නැමැති ග්‍රන්ථය නැවත පාසැල්වලට නිකුත් කළ යුතු බවට යෝජනා වු අතර මේ සම්බන්ධව අවසන් තීරණය ලබන 21වනදා ගනු ලබනු ඇත.මෙම පොත සම්බන්ධව විවේචන එල්ල කළ මහා සඟරුවනට ද එදින රැස්වීමට ආරාධනා කිරීමට තීරණය කරන ලදී.