හඬපටි මඩපටි ගැන කතාකර කර සිටිනවා වෙනුවට මේ රටේ ආර්ථිකය විනාශ කළ බැඳුම්කර මගඩියේ නිර්මාතෘවරුන් නිසි තැන සිටවිය යුතුව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
ඒ මහතා මේ අදහස් පැවසුවේ ඊයේ (11) හබරාදුව මැතිවරණ කොට්ඨාසයේ පාක්ෂිකයින්ගේ හමුවක් අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චන්දිම වීරක්කොඩි මහතා ,
“අපට ඡන්දේ නොදීපු මිනිස්සු පවා අද ගෝඨාභය රාජපක්ස ජනාධිපතිතුමාගේ මේ රජයේ වැඩපිළිවෙල හොඳයි කියනවා. හොඳයි කියලා කියන ඒක අපි හැමදෙනාටම ගෞරවයක් සතුටක්.
ඔබ ඡන්දේ ලබා දීපු හැම කෙනාගෙම ක්‍රියාකලාපය සතුටුදායක වෙලා නෑ. අද රට නියම මගට රට නිසි මගට යොමු කරන්න ආරම්භ කරලා තියෙනවා. ඒ කටයුත්ත ජනාධිපතිතුමාට තනියෙන් කරන්න හැකියාව නෑ. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව යටතේ පාර්ලිමේන්තු බලය ලබාගැනීම ඉතාම අවශ්‍ය ඇයි?ජනාධිපතිතුමා ගන්න තීන්දුව පාර්ලිමේන්තුවට ආපස්සට හරවන්න පුළුවන්. අපි පසුගිය රජයේ ඒ අත්දැකීම දැක්කා.
කිසි පක්ෂයකට බලය නැති රජයක් ඇවිල්ලා මොකද උනේ. රට වැටුණා බිමට. හැබැයි අප්‍රේල් මාසේ බොහෝ විට විසිපස් වෙනිදා තියෙන ඡන්දේ මේ රටේ තුනෙන් දෙකක් ජනතාව තුනෙන් දෙකක බලය ලබා දීලා පොහොට්ටුව දිනවන්නට පෙළ ගැහිලා ඉන්නවා කියන එක ප්‍රශ්නයක්ද? කිසිම ප්‍රශ්නයක් නෑ. හැමදෙනාම පෙළගැහිලා ඉන්නේ.
මේ රටේ අද මොකක්ද පළමුවැනි මාතෘකාව.හැමදෙනාම කතාකරන්නේ මොකක් ගැනද ? හඬ පටි මඩපටි. අපිට අවශ්‍ය කරන්නේ මේ හඬපටි මඩපටි ගැන කතා කර කර ඉන්න එකද? අපිට ඕනේ මේ රට සංවර්ධනය කරන්න. අපිට ඕනේ මේ රටේ ආර්ථිකය කාපු ආර්ථික ඝාතකයෝ ටික බැඳුම්කර මගඩියේ නිර්මාතෘවරුන් මේ රටට වින කරපු වැරදි සියලු දෙනා නිසි තැන හිටවන්න. ඒ විතරක් නෙවෙයි රට ඉදිරියට ගෙන යන ගමන අලුතින් හිතන්න” යැයි විරක්කොඩි මහතා වැඩිදුරටත් පැවසීය.