ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා සිවුවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණ තිබේ.
මේ වනවිට කරන්නාගොඩ මහතා එම දෙපාර්තමේන්තුව වෙත පැමිණි ප්‍රකාශ සටහන් කරගන්නා බව සඳහන් වේ.
තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව ප්‍රකාශය ලබාදෙන ලෙස පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නියෝගයකට අනුව වසන්ත කරන්නාගොඩ මහතා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.
මෙම සිද්ධියට අදාළව පසුගිය සඳුදා පළමු වරට වසන්ත කරන්නාගොඩ මහතා එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර එහිදී පැය 08 ක කාලයක් ඒ මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගැනිමක් සිදු විය.