හෝර්ටන්තැන්න වනෝද්‍යානයට ඇතුළුවී අනවසර ලෙස රක්ෂිතයේ රැඳී සිටීම, නීති විරෝධි ලෙස කූඩාරම් අටවාගෙන ලැඟුම්ගෙන සිටිම, තහනම් මාර්ග භාවිතා කිරීම, යන චෝදනාවන් සඳහා වරද පිළිගන්නා ලද විදේශිකයන් දෙදෙනෙකුට එක් චෝදනාවකට රුපියල් 20000 ක් බැගින් එක් අයෙකුට රුපියල් 60000 ක් බැගින් දෙදෙනාට රුපියල් 120000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා විසින් අද (22දා) නියෝග කළේය.
චෙක් ජනරජයේ සිට සංචාරයක් සඳහා මෙරට පැමිණි සිටි පුද්ගලයන් දෙදෙනෙකුට මෙසේ දඩ නියම කෙරිණි.
හෝර්ටන්තැන්න වනෝද්‍යානය භාරකරු ප්‍රදීප් කුමාර, නියෝජ්‍ය භාරකරු පී. පී. දයාරත්න, කේෂ්ත්‍ර සහායක උපුල් ශාන්ත, රියදුරුවරුන්වන චන්ද්‍රලාල් හා සුනිල් හතුරුසිංහ යන නිලධාරී මහතුන් විසින් මෙම වැටලීම සිදු කොට විදේශිකයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබිණි.
ශාන් හුලංනුගේ