හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් හයිලන්ඩ්ස් විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුන් දෙනෙකුට සහ එම සිසුන් දෙදෙනාගේ මිත්තනියට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (27) දින තහවුරු වි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ආර්.එස් මැදවෙල මහතා පැවසිය.
අසාදිත සිසුන් දෙදෙනා සහෝදරයන් වන අතර එම අසාදිත සිසුන් දෙදෙනාගේ බාල සොහොයුරා සහ මවට මිට ප්‍රථම කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා එම අසාදිතයන් දෙදෙනා අංගොඩ කොවිඩ් 19 නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියි.
කොවිඩ් 19 වෛරසය අසාදනය වු එක් සිසුවෙක් හැටන් හයිලන්ඩ් විද්‍යාලයේ 13 ඒ වසරේ අධ්‍යාපනය ලබන බවත් , අනෙක් සිසුවා එම පාසලේම 10 වසරේ අධ්‍යාපනය ලබන බවත්, එම සිසුන් දෙදෙනා අවු 17 සහ 13 වයස් කාණ්ඩ වල පසුවන බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.
කොවිඩ් 19 වෛරසය අසාදනය වු සිසුන් දෙදෙනාගේ මිත්තනිය අවු 78 වයසින් යුක්ත බවත්,වෛරසය අසාදනය වු තිදෙනාම නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට පියවර ගන්නා බවත් එම අසාදිතයන් පස් දෙනාම හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.
අසාදිත සිසුන් දෙදෙනාගේ ආශ්රිත සිසුන් 37 ක් සහ අචාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර ඔහුන් පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කර ඇත