දැනට පවතින වැසි තත්ත්වය හෙට දිනයේදී තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව නැගෙනහිර, ඌව, උතුරු-මැද හා මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර උතුරු පළාතේ හා හම්බන්තොට දිස්ත්‍රික්කයේද වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේනතුව නිවේදනය කරයි.
සෙසු පළාත්වල තැනින් තැන සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් සබරගමුව, බස්නාහිර හා මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්ම වූ තරමක තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
හෙට දිනය වෙනුවෙන් අද (04දා) එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.