හෙට (20දා) දා සිට ඉදිරි දින කිහිපයේදී විශේෂයෙන් දිවයිනේ, නිරිත දිග කොටසේත් නැගෙහිර, උතුරු-මැද, ඌව හා මධ්‍යම පළාත්වලත් වැසි තත්ත්වයෙන් තරමක වැඩිවිමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නැගෙනහිර, ඌව, උතුරුමැද, හා උතුරු පළාත්වලත් හම්බන්තොට හා මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සබරගමුව පළාතෙත් කළුතර හා ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැමි ස්ථානවලට මිලි මීටර් 75 වැඩි තරමක් තද වැසිද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මන්නාරම, පුත්තලම හා හම්බන්තෙට දිස්ත්‍රික්කවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40ක පමණ දක්වා වැඩිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.