රංජන් රාමනායක පාර්ලිමේන්තුවේ සිටිමට සුදුසු පුද්ගලයෙක් නොවන බවත් එතුමාව මුල්ලේරියාවේ මානසික රෝහලේ තබා ඉතා ඉක්මනින් ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබාදිමට කටයුතු කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ නායකයින්ගෙන් ඉල්ලා සිටින බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසයි.
අලුත්ගම පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා,
“හෙට අනිද්දා වෙනකොට රංජන් රාමනායකගේ ඉතාම ආන්දෝලනාත්මක තවත් චිත්‍රපටයක් නිර්මාණය වෙමින් යනවා . ඒ නිර්මාණාත්මක චිත්‍රපටය රංජන් රාමනායකගේ හඬපට කියන මේ සියලු චිත්‍රපට විශේෂයෙන්ම ගිනිඅවි සහ ගිනිකෙළි සමග ශාලාව නම්බර් 01 කියන චිත්‍රපටය. මේ චිත්‍රපටයත් සමග මම හිතන්නේ මේ චිත්‍රපට මාලාවම අවසන් කරන්නට හැකියාව ලැබෙයි කියන විශ්වාසය අපට තිබෙනවා.
මේ දිනවල රංජන් රාමනායකගේ චිත්‍රපට මාලාවක් ප්‍රදර්ශනය වෙනවා. ඒ චිත්‍රපට ත්‍රාසය භීතිය කුතුහලය සහ සටන් ජවනිකා එක්ක තමයි රංජන් රාමනායක මේ චිත්‍රපට නිර්මාණය කර තිබෙන්නේ. 1 වන චිත්‍රපටය තමයි ශානි අබේසේකරගේ හොරා පොලිස් චිත්‍රපටය. දෙවෙනි එක තමයි පත්මිණි නෝනගේ ජුරිය ඔබයි චිත්‍රපටය. තුන්වන චිත්‍රපටය තමයි රන්ජන් රාමනායක, රනිල් වික්‍රමසිංහ රගන වන් ෂොට් වන් මික්ස් ෆයර් කියන චිත්‍රපටය. ඊළඟට හිරුණිකා සහ රංජන් රාමනායක ප්‍රධාන චරිත නිරුපණය කරන කුක්කු බබා කියන චිත්‍රපටය.
එනිසා අපි අද වනවිට දන්නවා මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක ස්වාධීන ආයතන නිර්මාණය කළා. අපි මේ විදිහටයි නීතිය ක්‍රියාත්මක කරන්නේ හැම දෙයක්ම ස්වාධීනයි. අපි තමයි ස්වාධීන කොමිෂන් ඇති කළේ කියලා යහපාලන ආණ්ඩුවේ රනිල්ලා ,සජිත්ලා,බොහොම හොඳට කෑ මොරගහලා මේ රටේ ජනතාවට කිව්වේ.
දැන් අපට පැහැදිලියි ස්වාධීන කොමිෂන් සභා නියෝජනය කරන එහෙම නැතිනම් ස්වාධීන කොමිෂන් සභා පත් කලාට පස්සේ මේ රටේ සිදුවුණු සියලු සිද්ධි එක්ක බලන කොට අද සිද්ධ වෙලා තිබෙන තත්ත්වය. දැන්නම් නීතිය නමලා තියෙන්නේ කණේ වැලි ගෑවෙන මට්ටමට. ඒ නිසා නීතියට සම්බන්ධ සමහර උදවිය රාජ්‍ය සේවයේ ක්‍රියාත්මක වන සමහර රාජ්‍ය නිලධාරීන් මම හිතන්නේ රාජ්‍ය සේවයටත් ඒ වගේම මේ රටටත් මහා අපකීර්තියක් ඇති කරලා තිබෙනවා. එනිසා මෙයට සම්පුර්ණයෙන්ම රනිල් වික්‍රමසිංහ ප්රමුඛ ඔය යහපාලනයයි කියපු ආණ්ඩුවේ සියලු දෙනා වගකිව යුතුයි.
අපි ස්තුතිවන්ත වෙනවා රංජන් රාමනායක අපේ සහෝදර මන්ත්‍රීතුමාට මොකද එතුමා එදා සමහර අවස්ථාවලදි කියපු දේවල් අද සත්‍ය වෙලා තිබෙනවා. එ නිසා අපි පැහැදිලිවම දන්නවා එතුමාගේ හඬ පට සහ මේ චිත්‍රපට මාලාවත් එක්ක එක්සත් ජාතික පක්ෂයේ නිරුවත ඉතාමත්ම හොඳින් හෙළිවෙලා තිබෙනවා. නිරුවත හෙළිවුණා විතරක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂයේ ඇඟේ තිබුණ සළුපට මුළුමනින්ම ඉවත්වි තිබෙනවා.
දැන් කොහොමද මේ රටේ ඉන්න එක්සත් ජාතික පක්ෂයේ ජනතාව ළඟට ගිහිල්ලා අපට ඡන්දේ දෙන්න අපි බොහොම ස්වාධීනව මේ රට ඉදිරියට ගෙනියනවා කියන එක පිළිබඳව ඔවුන්ටම දැන් ගැටලුවක් ඇතිවෙලා තිබෙනවා.
ඊයේ පෙරේදා වෙනකොට පාර්ලිමේන්තුව තුළදී මට එක්සත් ජාතික පක්ෂයේ බොහොම වැදගත් හිටපු කැබිනට් අමාත්‍යවරු තුන්දෙනෙක් හමුවුනා. ඒ තුන් දෙනාම කියපු දේ තමයි දැන්නම් අපිට ගමට යන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා මේ රංජන් රාමනායකගේ හඬ පටත් එක්ක කියලා. ඔවුන් එහෙම කිව්වට අපි කියන්නේ රංජන් රාමනායකට මේක බැර කරලා නිදහසේ අත සෝදාගෙන පැත්තකට වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. බරපතළ කාරණා කීපයක් මේ හඬ පටත් එක්ක අද හෙළිවෙලා තිබෙනවා. එ නිසා මෙයට වගකියන්න ඕනා රනිල් වික්‍රමසිංහ ප්රමුඛ පසුගිය ආණ්ඩුව කරපු සියලු දෙනාම මේ තත්ත්වෙට වගකියන්න ඕනා.
අද වනවිට මේ රටේ නීතිය සහ සියලු දේවල් අද හෑල්ලුවට ලක්වෙලා. අද ජනතාවගේ තිබිච්ච විශ්වාසය ,පිළිගැනීම නැතිවෙලා තිබිම කනගාටුවට කරුණක්. ඒ නිසා රංජන් රාමනායකගේ මේ චිත්‍රපට මාලාව මම හිතන්නේ හෙට අනිද්දා වන විට අවසන් කරන්න පුළුවන් වේවි. මමත් අපේ රටේ නීතිය ක්‍රියාත්මක කරන සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා මෙවැනි තත්ත්වයක් නැවත ඇති නොවෙන්න නීතිය හරියට ක්‍රියාත්මක කරන්න කියලා. නීතිය හරියට ක්‍රියාත්මක කරලා මෙවැනි අයට දඬුවම් ලබාදෙන්න ඕනා. තව දඬුවම් ලබාදෙන්න බොහෝ අය ඉන්නවා” යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
මතුගම - බන්දු තඹවිට