දිවයින හරහා විශේෂයෙන් නැගෙනහිර, උතුර, උතුරුමැද, මධ්‍යම හා දකුණු පළාත්වල සුළඟේ වේගය හෙට (20දා) වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව එම පළාත්වල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40-45 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එසේම හෙට දිනයේදීද දිවයිනේ බොහෝ පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බවත් අද මධ්‍යාහ්න නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.