සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා ණය සහන පැකේජයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව ඔවුන් ලබාගෙන ඇති ණය ආපසු ගෙවා ගැනීමට නොහැකිව තිබෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට 12/31 දා තෙක් ණය සහන පැකේජයක් ලබාදීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබි තිබේ.
ඒ අනුව ඔවුන්ගේ දේපළ වෙන්දේසි නොකිරීමටත්, නීත්‍යානුකුල නඩු පැවැරීම් අත්හිටුවීමටත් මෙහිදී තීරණය කර තිබේ.
එසේම ණය තොරතුරු කාර්යාංශයට ගිය ව්‍යාපාරිකයන්ට එය නොතකමින් වැඩ පොලී කපාහැරීමටත් කාරක ප්රාග්ධනය ලබාගැනීම සඳහා අතිරේක ණය මුදලක් ලබාගැනීමටත් අවස්ථාව උදාකර තිබේ.
මේ අතර තව ව්‍යාපාරික කටයුතු හොඳින් කරගෙන යන ව්‍යාපාරිකයන් සඳහා රුපියල් මිලියන 300ක් දක්වා අමතර ණය මුදලක් සියයට 10ක පොලී අනුපාතයක් ලබා ගැනීමටත් අවස්ථාව ලබාදී තිබේ.
මම සහන පැකේජය සියලුම රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා ක්‍රියාත්මක වෙයි.