සුළු ජාතීන්ගේ නියෝජනයට හෝ සුළු ජාතින්ට හානි වන ඕනෑම දෙයකට තම පක්ෂය විරුද්ධ වන බව ලංකා කම්කරු කෝන්ග්‍රසයේ නායක සහ ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා පවසයි.
මහනුවර පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙහිදි තවදුරටත් අදහස් දැක්වූ අමාත්යආරුමුගම් තොණ්ඩමන් මහතා ,
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ සමයේදී වතු ජනතාවට දුන් පොරොන්දු සියල්ල ඉටු කිරිමට සූදානමින් සිටින බවද එළඹෙන තෛපොංගල් දිනයෙන් පසුව වතු ජනතාවට සුභ ආරංචි රැසක් ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය. වතු ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ අපේක්ෂාවෙන් සිටින රුපියල් 1,000 ක වැටුපටද විසඳුමක් ඉක්මණින් ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ කළ සාකච්ඡාවලින් පසු වතුකරය සඳහා වෙනම විශ්ව විද්‍යාලයක් ලබා ගැනීමත්, වතු ආශ්‍රීතව පවතින මත්පැන්හල් සියල්ල වෙනත් ස්ථානවලට ගෙන යාමත්, වතුකරයේ දරුවන් සඳහා ගණිතය, විද්‍යාව සහ ඉංග්‍රීසි විෂය සඳහා ගුරුවරුන්ගේ විශාල හිඟයක් පවතින බැවින් ඒ සඳහා විසඳුමක් ලෙස විශ්‍රාමික ගුරුවරුන් කොන්ත්‍රාත් පදනම මත හෝ බඳවා ගැනීමට ඇති හැකියාව සොය බලන ලෙස ඉල්ලිමක් කර බවත් පැවසීය . වතුකරය තුළ කැලෑවී ඇති ඉඩම් හඳුනා ගෙන එම ඉඩම් වතුකරයේ තරුණයින් ට වගා කටයුතු සඳහා ලබාදෙන ලෙසත් ඉල්ලිමක් කළ බව හෙතෙම පැවසීය.
එළඹෙන මහ මැතිවරණයේදී අප තරඟ කරන්නේ පොහොට්ටුවෙන්ද කුකුළාගෙන්ද කියන එක පසුව තීරණය කළ යුතු වුවත් අපි අනිවාර්යෙන්ම ජනාධිපතිතුමන් සමඟ සිටින බවත් ජනාධිපතිතුමා දේශපාලඥයෙකු නොව ඔහු හොඳ පරිපාලකයෙක් ඒ නිසා එතුමා හොද පරිපාලනයක් කරනු ඇති බව තමන් විශ්වාස කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සතුව තිබුණු දුරකථන සංවාද සත්‍යනම් අනිවාර්යෙන්ම එයට සම්බන්ධ සියලු දෙනාට නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවත් එය රටට මෙන්ම අනාගත පරපුරටද සුදුසු නැති බවත් කී අමාත්‍යවරයා තමන් සම්බන්ධයෙන්ද වෙනත් පාර්ශවයන් සිදු කර ඇති සංවාද ඉදිරියේදී එළියට එනු ඇති බවත් පැවසීය.
මෙම ප්රවෘත්ති සාකච්ඡාවට මධ්‍යම පළාතේ හිටපු සභාපති තුරෙයි මදියුගරාජා, හිටපු පළාත් අමාත්‍ය එම්. රමේෂ්වරන් යන මහත්වරුන්ද එක් වූහ.
මහනුවර - මොහොමඩ් ආසික්