සිංහරාජ වනාන්තරයේ සතුන් හා ශාක කොටස් විශාල ප්රමාණයක් සමග විදේශකයන් පස් දෙනෙක් අද (02දා) පෙරවරුවේ සිංහරාජ වනාන්තරයට යාබද පෞද්ගලික ලැගුම් හලක රැඳී සිට පිටව යෑමට සූදානම් වන විට අත්අඩංගුවට ගැනීමට කුඩව සිංහරාජ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමත්විය.
සමනල, කෘමි, පෘෂ්ඨ විංශික සහ අපෘෂ්ඨ වංශික සතුන් හා බීජ ඇට වර්ග රැසක් ඔවුන් සන්තකයේ තිබී ඇත. සැකකරුවන් මීට දින තුනකට පමණ පෙර මෙම හරාජ ප්රදේශයේ ලැගුම් හලකට පැමිණ ඇත. වාහන කුලියට දෙන ආයතනයකින් කුලී පදනම මත රියදුරු රහිතව වෑන් රථයක් කුලියට ලබාගෙන එහි පැමිණ ඇත.
ප්රවේශපත්ර ලබාගෙන මීට දින දෙකකට පෙර මාර්ගෝපදේශකයෙකු සමග සිංහරාජ වනාන්තරය නැරඹීමට ගොස් ඇති මෙම විදේශිකයන් දින තුනක කාලයක සිංහරාජ වනාන්තරයට පිවිසෙන ප්රධාන ගේට්වුට කිට්ටු පුද්ගලික ලැගුම්හලක නැවතී සිට ඇත.
මෙම සංචාරකයන් පස් දෙනා සිංහරාජ වනාන්තරයට ඇතුළුවීමට ප්රවේශපත් ලබාගැනීමේ දී මාර්ගෝපදේශකයෙකුගේ සහාය මුලින් ප්රතික්ෂෙප කර ඇත. ඒ සම්බන්ධයෙන් සැක සිතූ ප්රවේශපත්ර නිකුත් කරන ස්ථානයේ සහ සිංහරාජ වනපාලක කාර්යාලයේ නිලධාරීන් මොවුන් පස්දෙනා ගැන විශේෂ අවධානයකින් පසුව ඇත.
ලැගුම්ගෙන සිටි ලැගුම්හලේ සිට කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටි තවත් ලැගුම්හලකට 01දා රාත්රී ගිය මෙම විදෙස් සංචාරකයන් පස්දෙනා මත්පැන් සාදයක් එහි පවත්වන බවට ලද තොරතුරක් අනුව වනසංරක්ෂණ නිලධාරීහු අවධානයෙන් සිටියහ.
වෙරිවූ ස්වරූපයක් පෙන්වා පැමිණි වෑන් රථය සාදය පැවැත්වූ ලැගුම්හලේ තබා පා ගමනින් නැවති සිටි ලැගුම්හලට ඊයේ (01දා) රාත්රී ගොස් ඇත. මොවුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් සැකසිතූ වන සංරක්ෂණ නිලධාරීන්ට අද (02දා) උදේ සෆාරි ජීප් රියකින් වෑන් රථය නවතා තිබූ ලැගුම්හලට එන විදේශිකයන් හතරදෙනක් හමුවී ඔවුන් පිළිබඳ පරීක්ෂාකර ඇත.
ඒ අතර එක් විදේශිකයෙක් විශාල ගමන් බෑගයක් රැගෙන පයින් එද්දී වනසංරක්ෂණ නිලධාරීන් විසින් ඔහුව පරීක්ෂා කර තිබේ. එම ගමන් මල්ලේද, සෙසු හතරදෙනාගේ ගමන්මලුවලත්, පැමිණි වෑන් රථයේත් තිබී සමනල් විශේෂ, කෘමි විශේෂ, ශාක කොටස්, ඇට පාර්සල් කර තිබිය දී සොයා ගනු ලැබිනි.
පසුව සැකකරුවන් සහ ඔවුන් සන්තකයේ වූ ශාක, සත්ව කොටස් වැඩිදුර විමර්ශනයට කලවාන අඩවිවන නිලධාරී කාර්යාලයට බාරදුන් බව සිංහරාජ වනපාලක අජිත් ජයසිංහ මහතා පැවසුවේය.
අජිතලාල් ශාන්ත උදය