ඉදිරි දෙසතිය තුළ සහතික මිලට වී මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.
රජයේ සහතික මිලට පෞද්ගලික වෙළෙඳුන් විසින් ගබඩා එක්දහස් පන්සියයකට අධික ප්‍රමාණයක් මූලික කරගනිමින් වී මිලදී ගැනීමට සැලසුම් කර තිබෙන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
මීට අමතරව රජය විසින් ගබඩා දෙසීයවිස්සක් මූලික කර ගනිමින් වී මිලදී ගන්නා බවත්, ඉදිරි දෙසතිය තුළ උතුරු පළාතේ හා මඩකලපුව දිස්ත්‍රික්කයේ සුළු වාරිමාර්ග යටතේ වගා කළ වගාවේ අස්වැන්න වෙළෙඳපොළට ලැබීමට නියමිත බවත් 'අද' කළ විමසීමකදී හෙතෙම සඳහන් කළේය.