අධිකරණ ක්ෂේත්රයට දේශපාලන බලපෑම් සහ ඇගිලි ගැසීම්වලින් තොරව ස්වාධිනව හා අපක්ෂපාතීව තීන්දු තීරණගත හැකි නිදහස් පරිසරයක් ගෙවී ගිය වසර පහේදී තමා රට තුළ ගොඩන`ගා දුන් බව ජනාධිපතිතුමා පවසයි.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුව නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (05) පෙරවරුවේ එක්වෙමිනි.
නව අධිකරණ සංකීර්ණය මහල් තුනකින් සමන්විත අතර ඒ සඳහා රුපියල් මිලියන 327ක් වැයකර තිබේ.
මහාධිකරණයක්, දිසාඅධිකරණයක්, මහේස්ත්රාත්අධිකරණයක්, අනෙකුත් කාර්යාල පහසුකම් ඇතුළු සියලූ පහසුකම්වලින් සමන්විතව මෙම අධිකරණ සංකීර්ණය ඉදිකර තිබෙන අතර එහි ඉදිකිරිම් සඳහා 2017 පෙබරවාරි 25 වන දින ජනාධිපතිතුමා අතින් මුල් ගල් තැබිණි.
සමරු ඵලකය නිරාවරණය කර නව අධිකරණ සංකීර්ණය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.
අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ව්වේචන සහ අපවාද කොතෙක් එල්ල වුවද තමා අද රට තුළ නිදහස, ප්රජාතන්ත්රවාදය සහ අධිකරණයේ ස්වාධිනත්වය තහවුරු කර තිබෙන බවයි.
විධායක ජනාධිපතිධූරය ආරම්භ වූදා සිටම මේ රටේ සිටි සෑම ජනාධිපතිවරයෙකුටම අධිකරණයට බලපෑම් කිරීම සහ ඇගිලි ගැසීම පිළිබඳ චෝදනා එල්ලවි ඇති අතර තම පාලන කාලය තුළ එවන් කිසිදු චෝදනාවක් එල්ලවී නොමැති බව පැවසු ජනාධිපතිතුමා කියාසිටියේ ඒ පිළිබඳ තමා නිහතමානීව සතුටු වන අතර එය මෙරට අධිකරණ ක්ෂේත්රය මෙන්ම රටේ ජනතාව ද ලැබූ විශිෂ්ඨ වරප්‍රසාදයක් ලෙස සලකන බවයි.
ඇමතිනි තලතා අතුකෝරළ, රාජ්‍ය අමාත්යවසන්ත සේනානායක, හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න, පොළොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් රැසක් ද, දිස්ති‍්‍රක් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ අධිකරණ ක්ෂේත්රයේ ප්‍රවීණයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
කෂිනි හපුආරච්චි