අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් තිබෙන බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාගෙන් තවදුරටත් ප්‍රශ්න කරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පාස්කු ප්‍රහාරය හා ඉන් පසුව ඇතිවූ සිදුවීම් ගැන මෙසේ ඔහුගෙන් ප්‍රශ්න කරමින් පවතින බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
විමර්ශන කටයුතු අවසන් වන තෙක් ඔහු රඳවා තබාගෙන ප්‍රශ්න කරන බවත් පනත ප්‍රකාරව ඔහු උපරිම වශයෙන් අවුරුදු 1 හමාරක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කළ හැකි බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.