“සරල ආරම්භයකින් කල්ගත වන විට ලොකු වෙනසක් කරන්න පිළිවන්. ඒ නිසා සරලම තැනින් පටන් ගන්න. 2005 දී අපි බලයට එන විට එළියට බහින්න බැහැ, හැමතැනම කුණු ගොඩවල්. එදා මගේ නිල නිවසේ සිට යාර 100ක් ඇතුළත කුණු ගොඩවල් 03ක්. කුණු ඉවත් කිරීම ඉතා පහසු දෙයක්. හැම අමාත්‍යාංශයකටම සරල වැඩවලින් දිගු ගමනක් යන්න පිළිවන්” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (10) ජනාධිපති කාර්යාලයේ දී රාජ්‍ය අමාත්‍යවරුන් අමතමින් පැවසීය.
සියලු රාජ්‍ය ඇමතිවරු රැස්වීමට එක්ව සිටියහ. පසුගියදා ආරම්භ කළ රාජ්‍ය අමාත්‍යාංශ විෂය පථය හා කාර්යභාරය සමාලෝචනය තව සති 03කින් පමණ අවසන් කළ හැකි වෙතැයි පැවසු ජනාධිපතිතුමා රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස් කළේ වසර කිහිපයක් තුළ හඳුනාගත් ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට හැකිවන අයුරින් යයි සඳහන් කළේය.