මාතර මහාධිකරණයේ නඩුවකට ඉදිරිපත් කිරිම සදහා ඊයේ (8) රැගෙන එනු ලැබු සිරකරුවෙක්ට ලබාදිමට ගෙනආ ලක්ෂ 10 ක් පමණ වටිනා හෙරෝයින් මත්කුඩු තොගයක් සමග තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස දුෂණ මර්දන ඒකකය පවසයි .
මෙසේ අත්අඩංගුවට පත්වුයේ මාතර හිත්තටිය , බතුදා පාරේ සහ තලල්ල ප්‍රදේශයේ පදිංචි තිදෙනෙක් වෙන අතර මෑත කාලයේ මාතර දිස්ති‍්‍රක්කයෙන් සොයාගත් වැඩිම හෙරෝයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණයද මෙය වෙයි .
මාතර කොට්ඨාස දුෂණ මර්දන ඒකකයට ලැබුණු තොරතුරක් මත විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරින් ඊයේ (8) දින මාතර මහාධිකරණයේ සිවිල් ඇදුමින් සැරසි රාජකාරිකරමින් සිට ඇති අතර එහිදි සැකකටයුතු පුද්ගලයෙක් පරික්ෂාකර බැලිමේදි ඔහුගේ කලිසමේ සගවා තිබියදි හෙරෝයින් මත්කුඩු ග්රැම් 57යි මිලිග්රැම් 940ක ප්‍රමාණයක් සොයාගෙන තිබේ .
තලල්ල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි එම පුද්ගලයා මත්ද්‍රව්‍ය බෙදාහරින ජාවාරම්කරුවෙකු බව පොලිසිය පවසයි .
ඔහුගෙන් ලද තොරතුරු මත මාතර හිත්තටියේ සහ බතුදා පාරේ පදිංචි කැරටි හා බීටි යන අන්වර්ථ නාමයෙන් හදුන්වන දෙදෙනෙක් ද අධිකරණය ආසන්නයේ සිටියදි පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් තිදෙනාගෙම බැංකු ගිණුම් පරික්ෂා කිරිම සිදුකරන බවත් ප්‍රධාන සැකකරු රදවා තබා ගැනිමේ නියෝග යටතේ රදවාගෙන ප්‍රශ්න කිරිම් සිදුකරන බවත් පොලිසිය තවදුරටත් පැවසිය .
මාතර කොට්ඨාස දුෂණ මර්දන ඒකකය ඉදිරි පරික්ෂණ කි‍්‍රයාත්මක කරනු ලබයි .