පක්ෂයට සැබෑ ලෙසම ආදරය කරනවා නම් සුරැකීමේ සංවිධාන හැදීම නවතා දමා සියලු දෙනාම පක්ෂයට එකතු විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
පක්ෂය සුරැකීමට බව පවසමින් විවිධ සංවිධාන සකස් කිරීම එක්සත් ජාතික පක්ෂයට ආයුධ සැපයීමක් බවත්, ඒ හරහා පක්ෂයට අවාසි වන බවත් අද (31දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම පවසා සිටියේය.
කාට හෝ ගැටලුවක් ඇත්නම් නම් ඒ පිළිබඳ සාකච්ඡා කර විසඳාගත යුතු බවද ඔහු සඳහන් කළේය.